(යොහාන් භාසුර)

විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග ලබන දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකව තුළ ඇති බවත් ඉදිරියේදී ගල් අඟුරු නැව් අටක් ලබාගැනීමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

එම ගල් අඟුරු නැව් අටෙන් නැව් දෙකකට බැගින් සෑම සතියකම ණයවර ලිපි නිකුත් කරන බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ද මේ වන විට සපයමින් සිටින බව ද සඳහන් කළේය.