
(ඉන්දිකා රාමනායක)
මිලකල නොහැකි ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙකු කතරගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ගජමුතු 2ක ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 160 ක් බර හා ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 890 ක් බරැති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ගජමුතු දෙක අලෙවි කිරිම සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී කතරගම පොලිසිය අසන්නේ දී මොවුන් දෙදෙනා ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා කතරගම ප්‍රදෙශයේ පදිංචි වයස අවුරුදු 38, 42 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බලකා පවසයි.
මෙම ගජමුතු යාල කුමන රක්ෂිත වලට ඇතුල්වී වන අලින් ඝාතනය කර ලබාගෙන ඇතිබවට කරුණු අනාවරණය කර ගන්නා ලදී .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් අල්ලපු ගජමුතුවලට මොකද කළේ...? නඩුව ඉවර වෙද්දී ඒවා කාගෙ කාගේ හරි සාක්කුවලද?
ඇතුන් මරලා මේ ගජමුතු අරගෙන තිබේ නම්, ඔවුන් සිරගත කරන්න. මේ මිලකළ නොහැකි ගජමුතු විකුණා රටට අවශ්‍ය ඩොලර් ගේන්න. එසේ නොකළහොත් ඇත්දළ වලින් සකස් කළ ව්‍යාජ ගජමුතුවලට මේවා මාරු කරාවි. එහෙව් අයියලා තමයි මේ රටේ ඉන්නේ...