ගොවි පවුල්වලට නොමිලේ යූරියා අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 15 June 2022
ශ්‍රී ලංකාවට අත දෙනවා ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 15 June 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2022
ඉන්ධන නැතත් පොසොන් සමරන්න පාරට බැහැලා රට තුළ දැඩි ඉන්ධන හිඟයක් තිබුණ ද පොසොන් පෝය දිනය වූ අද (14) පස්වරුවේ ජනතාව පොසොන් සැමරීමට විශාල වශයෙන් පාරට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්රදේහවල දැඩි වාහන තදබදයක් පැවතුණි. 14 June 2022
ඉන්ධන සහ ගෑස් ඉදිරියේදී ලැබෙන හැටි අගමැති කියයි ’’ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්’’ අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් අද (14 )පැවසීය. 14 June 2022
කපමින් සිටි ගසේ කොටසක් වැදී එතැනම මරුට ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගසේ තවත් කොටසක් වැදීමෙන් එම ස්ථානයේදීම අද (14) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 14 June 2022
හර්ෂගේ ප්‍රකාශය මාලදිවයින් හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් හට කළ යෝජනාව අල් සවුද් කුමරු ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේය. 14 June 2022
සංචාරකයින් වැඩිපුර ගෙන්න ගන්න වැඩකට අත ගහයි සංචාරකයින් ලක්ෂ 25 ක් 2025 වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එයින් ඩොලර් බිලියන 3.5 ක ආදායමක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2022
ලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලදී ගත් රුපියල් දෙකෝටියකට වැඩි වටිනා ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර තුනක් අක්‍රීයව පැවැතිම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත. 14 June 2022
පෝලිම් දැක හර්ෂත් හඬයි පාරේ පෝලිම් වල ඉන්න මිනිස්සු දැක්කම හිතට පුදුම වේදනාවක් දැනෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 14 June 2022
අදානි කලකිරීමෙන් ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 14 June 2022
මුහුදු රළ පෑගීමට ගිය තිදෙනා අතුරුදහන් අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරළේ රළ පෑගිමට ගිය එකම පවුලේ තිදෙනෙක් මුහුදට ගසා ගෙන ගොස් (14) දහවල් අතුරුදහන්වී ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 14 June 2022
ගංගාරාම පොසොන් බත් දන්සැල තෙදිනක් පුුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පොසොන් පෝය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන බත් දන්සැල අද (14) ඇරඹිණි. 14 June 2022
රැඳවියෝ 173 ක් නිදහස ලබා යති පොසොන් පෝය නිමිත්තෙන් රටපුරා බන්ධනාගාරවලින් රැඳවියෝ 173 ක් අද (14) පෙරවරුවේ නිදහස ලබා පිටව ගියහ. 14 June 2022
රට ගොඩ යන කාලය ගැන අගමැතිගෙන් ඉඟියක් 2019 වසරේ තිබූ බඩු මිල නැවත ගන්නට නොහැකි යැයිද කළ හැකි එකම දේ ක්‍රමානුකූලව ආදායම වැඩි කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2022
දින 6කට පසුව ගෑස් නැව මුදාගනී ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නොහැකි වීමෙන් දින හයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්රක්ටොන් 3,900 ක් රැගත් නෞකාවට මුදල් අද (14) ගෙවූ බවත් ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 June 2022
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් වෙයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (15) සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 June 2022
අද විදුලි කප්පාදුව නෑ පොසොන් පෝය හේතුවෙන් අද (14) දිනයේ විදුලිබල මණ්ඩලය විදුලිය කප්පාදු කිරීමෙන් වැලකීමට උත්සහ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පැවසීය. 14 June 2022
ලං.වී.ම.හිටපු සභාපති ගැන ලබන සතියේ තීරණයක් කෝප් කමිටුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර පසුව එය ඉල්ලා අස්කර ගන්නා බවට දැනුම් දුන් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු මහතා සම්බන්ධයෙන් කමිටුව ලබන සතියේ රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2022
කාන්තාවක් පැහැරගත් සිවිල් ආරක්ෂයාට වැඩ වරදී රුපියල් ලක්ෂ පහක කප්පමක් ලබාගැනීම සඳහා කාන්තාවක් පැහැරගෙන ගිය සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පූවරසන්කුලම පොලිසිය කියයි. 14 June 2022
කිරි ආශ්රිත නිෂ්පාදන දෙගුණ කිරීමට ඩොලර් මිලියන 27 ක් ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ගේ කිරි ආශ්රිත නිෂ්පාදන දෙගුණ කිරීම ඉලක්ක කරගත් ඩොලර් මිලියන 27 ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) අත්සන් තැබිණ. 14 June 2022
පැරණිතම රැකියාව කළ 6ක් මරදානෙන් අල්ලයි කොළඹ මරදාන, ජිනානන්ද මාවතේ ලැගුම්හලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 14 June 2022
කට පුංචා වත්තලට බහී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්ලුව මහතා පවසයි. 14 June 2022
සිසු සැරිය’ බස් නව සේවා 20 ක් කොළඹට ඇතුළුවන සියලුම ප්‍රවේශ මාර්ග ආවරණය වන පරිදි නව ’සිසු සැරිය’ බස් රථ සේවා 20 ක් හෙට (15 ) සිට ආරම්භ කරන බවප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 14 June 2022
’’තර්ජනවලට බය වෙන්නේ නෑ’’ කුමන තර්ජන ආවත් මත්පැන් ප්‍රමිතිය හා ස්ටිකරය අනිවාර්ය කිරීම ඇතුළු නීති රැසක් ලබන මස 1 වෙනිදා සිට ගෙන එන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පැවසීය. 14 June 2022
පළමු වසරට සිසුන් ඇතුළු කිරීම නව චක්‍රලේඛයට අනුව පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 2023 වසරේ සිට සංශෝධිත නව චක්‍රලේඛයේ අඩංගු විධිවිධාන අනුව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 14 June 2022
පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 60 ක ගිවිසුම් සති දෙකකින් විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 60ක බලපත්‍රලාභීන්ට සති දෙකකින් ගිවිසුම් ගතකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තීරණය කර තිබේ. 14 June 2022
එස් පවර් ගැන අහද්දි විදුලි ලොක්කෝ ගොළුවෙති ඇඹිලිපිටිය ඒස් පවර් නමැති පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට නව ගිවිසුම සකස් කිරීමේදී මිල ගණන් තීරණය කිරීම සිදු වන්නේ කෙසේදැයි කෝප් කමිටුව විමසූ අවස්ථාවේදී විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් නිරුත්තර වී ඇතැයි වාර්තා වේ. 14 June 2022
රජයේ සේවකයන්ට මාස තුනක් සිකුරාදා නිවාඩු රාජ්‍ය සේවකයන්ට මාස තුනක කාලයක් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 14 June 2022
බාර් ලයිසන් ලාභයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන වලට මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය 14 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025