සිසුන්ට කුඩු වික්ක සිසුවා මාට්ටු කදාන ප්‍රදේශයේ ජාත්‍යාන්තර පාසලක වයස අවු 15 ක සිසුවකු පෞද්ගලික පන්තියක් අසල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියෙදී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය කියයි. 15 June 2022
ඉන්ධන හලේ පාට් දැමූ බැංකු නිලධාරියා ඇතුළු හතරක් රිමාන්ඩ් නිට්ටඹුව කලල්පිටිය ඉන්ධන පිරවුම් හල තුළදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ බව කියන බැංකු නිලධාරියකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු මේ මස 20 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අධිකරණය නියෝග කළාය. 15 June 2022
ලිට්රෝ ගෘහස්ථ ගෑස් හෙටත් නෑ ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 June 2022
ඉන්ධන නැතිව තැනතැන විරෝධතා ඉන්ධන නොමැතිවීමෙන් උරණ වූ පිරිසක් කොළඹ පංචිකාවත්ත ඇතුළු දිවයිනේ ස්ථාන රැසක මාර්ග අවහිර කර ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක නිතරව සිටිති. 15 June 2022
සංක්‍රමණිකයන් 64ක් මාට්ටු බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමණිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 15 June 2022
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 15 June 2022
දේශපාලන ගේම් නිසා 21 අනතුරේ දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15)පැවසීය. 15 June 2022
දුම්රිය දිනක පාඩුව කෝටි දෙකහමාරක් ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 15 June 2022
තෙන්නකෝන් මාරු නොකළාට ලේකම්ට නොතීසි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාට අද (15) නොතීසි නිකුත් කළේය. 15 June 2022
එතනෝල් අඩුපාඩු ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය එතනෝල් ආනයනය නිසි නියාමනයක් යටතේ සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත. 15 June 2022
බස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයි පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 15 June 2022
අගමැති හාල් මාෆියාවට වැට බඳින්න යයි සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 June 2022
තෙල් නැතුව දොස්තරලාත් මහ පාරේ රටපුරා වෛද්‍යවරුන්,නීතිඥවරුන් , ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් දහස් ගණනක්ද ඉන්ධන පෝලිම්වල පැය ගණන් කාලය ගත කරමින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ. 15 June 2022
ජී.එම්.ඕ.ඒ. නව සභාපති දර්ශන සිරිසේන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව සිටියි. 15 June 2022
‘‘විදුලි බල සංශෝධන පනත බලාත්මකයි‘‘ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය. 15 June 2022
ජනාධිපතිවරයා බලය අත්හැරීමට හිත හදාගත යුතුයි ජනාධිපතිවරයා දැන් බලය අත්හැරීමට හිත හදාගත යුතු බවත්, බලපොරය නිසා පමාවෙමින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 21 වන සංශෝධනය තවත් පමා නොකර කඩිනමින් සම්මත කරගත යුතු බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (15) පැවසීය. 15 June 2022
ඉදිරියේදී දරුණු ගෑස් හිඟයක ඉඟියක් ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පැවසීය. 15 June 2022
ජනතාව රවටන්න එපා:පොරොන්දු ඉටු කරන්න රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වන සංශෝධනය බලගැන්වීම තවත් ප්‍රමාද කරමින් ජනතාව රවටන්න එපා යැයි ජනාධිපතිවරයා ප්රමුඛ රජයට අවධාරණය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි. 15 June 2022
බලපත්‍ර නොමැතිව ඩීසල් ඇද්ද දෙකක් මාට්ටු බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 305 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 15 June 2022
තේ බීම අඩු කරන්න: පාකිස්තාන රජය ජනතාවට කියයි තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබේ. 15 June 2022
සහල් දෙන හැටි චීනය කියයි චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ක ප්රදානය යටතේ ලබාදීමට නියමිත සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. 15 June 2022
බැස්ටියන් මාවත බස් නැවතුමේ ඉන්ධන පිරවුම්හලක් ඉදිවෙයි පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් අද (15) පෙරවරුවේ අවසන් වෙමින් තිබුණි. 15 June 2022
සිදුවන්නට ගිය මහා ගුවන් අනතුර නියමුවා වළක්වා ගනී ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු ගුවනේදී ගැටී සිදුවන්නට ගිය විශාල අනතුරක් මගහරවා ගැනීමට ශ්‍රී ලංකන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමත් වූ බව විදේශ් මාධ්‍ය වාර්තා කරයි. 15 June 2022
සිගරට්-අරක්කු බොන මුදලින් දරුවන් ගැන සිතන්න රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන්, සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 15 June 2022
දුම්රියවල අධික මගී තදබදයක් මේ දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුදය සමඟ ජනතාව දුම්රියේ ගමන් කිරීමට වැඩි වශයෙන් යොමුවීම නිසාත් ඇතැම් දුම්රියවාර අවලංගුවීම නිසාත් මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. 15 June 2022
උද්ඝෝෂණය වළක්වන්නැයි පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (15) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. 15 June 2022
ගොවි පවුල්වලට නොමිලේ යූරියා අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 15 June 2022
ශ්‍රී ලංකාවට අත දෙනවා ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 15 June 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2022
ඉන්ධන නැතත් පොසොන් සමරන්න පාරට බැහැලා රට තුළ දැඩි ඉන්ධන හිඟයක් තිබුණ ද පොසොන් පෝය දිනය වූ අද (14) පස්වරුවේ ජනතාව පොසොන් සැමරීමට විශාල වශයෙන් පාරට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්රදේහවල දැඩි වාහන තදබදයක් පැවතුණි. 14 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025