ඉන්ධන සැපයුම්කරුවන්ට ඩොලර් කෝටි 73 ක් ණයයි ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බවත් එම තත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දැඩි අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 June 2022
අදානිට බම්බලපිටියේ දී විරෝධයක් මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලිබලාගාරයක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර එළඹිමට නියමිත ගිවිසුමට විරෝධය දක්වමින් නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ පිරිසක් බම්බලපිටිය හන්දියේදී අද (16) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ. 16 June 2022
මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළෙඳ පොළට වී අලෙවි මණ්ඩලය සතු ව ඇති වී තොග වලින් මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළඳපලට නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට අද (16) උපදෙස් දුන්නේය. 16 June 2022
දරුවාට කැත වැඩක් කළ එක්දරු පියා වසර 9 හිරේ බිස්කට් ලබාදෙන බව රවටා පෙර පාසල් දරුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරදකරු වු එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 9 ක සිර දඬුවමක් නියම කළේය. 16 June 2022
ඉන්ධන අර්බුදයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයත් නවතී හම්බන්තොට වරාය ආශ්රිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු ඉන්ධන අර්බුදය හා ආනයන සීමා කිරීම් හේතුවෙන් අඩපණ වී ඇතැයි එම ඉදිකිරීම් බාර චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පෙන්වාදී ඇත. 16 June 2022
ලොතරැයි අලෙවි නියෝජිතයෝ අලෙවියෙන් ඉවත්වීමට සැරසෙති තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතිය ඇතුලත ලොතරැයි අලෙවි කටයුතු වලින් ඉවත් වන බව ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන් මාරඹගේ මහතා පැවසීය. 16 June 2022
නොරොච්චෝලේ බලාගාරයක් දින 70කට වහයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නඩත්තු කටයුතු සඳහා දින 70 ක් වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 June 2022
අධිකරණ පනත් දෙකකට උපදේශක කාරක සභාවේ අනුමැතිය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමට නියමිතව ඇති අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත්වලට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත. 16 June 2022
අනුලාදේවි චෛත්‍යයේ කැනීම් බලන්න සංස්කෘතික ඇමැති යයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයෙහි මේ වන විට සිදු කර තිබෙන කැනීම් කටයුතු පිළිබඳව සොයා බැලීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කළේ ය. 16 June 2022
සිලෝන් බිස්කට් නිර්මාතෘ දිවි ගමනට සමු දෙයි දේශීය සන්නාමයක් ජාත්‍යන්තරය කරා රැගෙන ගිය මෙරට විශිෂ්ඨ ව්‍යවසායකයකු මෙන්ම සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ නිර්මාතෘවරයා සහ එහි හිටපු සභාපතිවරයා වූ මිනේක පී. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. 16 June 2022
සිකුරාදා නිවාඩු ලබාදීමේ චක්‍රලේඛය නිකුත් වෙයි රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. 16 June 2022
ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 16 June 2022
අලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයට අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 16 June 2022
ඉන්ධනහලේ කලබල කරන්න ආ අයකු පන්නා දමයි පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ගිනි අවිය උදුරාගැනීමට උත්සහා කළ පිරිසක් පන්නා දැමීමට යුද හමුදා නිලධාරීහු කටයුතු කළහ. 16 June 2022
ජල පොල්ල කෝටි 750ට නගී දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර වාර්තා වේ. 16 June 2022
‘වෙල්ගමට දැන් සනීපයි‘ මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර ප්‍රහාරයට ලක් ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී සිටියි. 16 June 2022
ආර්ථික අර්බුදය ජය ගන්න මාර්ග සිතියමක් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 June 2022
මහරගම-ගම්සභා හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් මහරගම - දෙල්කඳ සහ ගම්සභා හන්දිය යන ස්ථානවලින් 138 බස් මාර්ගයයේ දැඩි රථවාහන තදබදයක් පවති. 16 June 2022
ලිට්රෝ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට ලිට්රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 16 June 2022
පෙට්‍රල් පෝලිමේ සිටි තිදරු පියා මරුට පාණදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 16 June 2022
වැස්සේ වැඩිවීමක් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2022
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අවුල් සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී පැවසීය. 16 June 2022
තියුණු ආයුධවලින් කපාකොටා දෙදරු පියකු ඝාතනය කරයි තියුණු ආයුධවලින් කපාකොටා ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක් තුළ දී දෙදරු පියකු ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. 16 June 2022
ගෙදර ඉදලා වැඩ කරන එක හොඳ වැඩක් නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය . 16 June 2022
වරෙන්තුකරු පොලිස් කොස්තාපල්ට කඩුවෙන් කොටලා වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු වරෙන්තුකරුගේ කඩු පහරකට ලක්ව නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි. 16 June 2022
ඩීසල් කියා වතුර විකුණලා ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල් කියා වතුර ලිටර් 60 ක බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් බණ්ඩාරගමින් වාර්තා වේ. 15 June 2022
ධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත. 15 June 2022
පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා මවත් පනින්න හදලා තම පස්හැවිරිදි පුතා හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟට තල්ලු කර මා ගඟට පැනීමට උත්සහ කළ එම දරුවාගේ මව බව කියන කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගනු ලැබීය. 15 June 2022
ගෑස් නැතත් ගණන් වැඩි කරන්නැයි ඉල්ලයි ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර ඇති බවත් එම ඉල්ලීම අහක නොදමා කවුරුන් හෝ එහි වගකීම ගතයුතු බවත් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 15 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025