උදලු පහරින් 74 මව මරුට තලංගම ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් හේතුවෙන් 74 හැවිරිදි කාන්තාවකට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි. 08 December 2022
පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි. 08 December 2022
පීඩන අවපාතය සුළි කුණටුවක් වේ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ’මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 December 2022
කතගෙන් පලි ගන්න පාසල් කැන්ටිමේ කුඩු තියලා මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපනශාලාවක තිබිය දී ඉකුත් පස්වැනිදා සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 සහ මත් කරල් 37ක පමණ තොගය ආපනශාලාවේ සඟවා එය පවත්වාගෙන යන කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කරන ලද්දක් බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 07 December 2022
ලක්ෂ 20 පැහැර ගන්න කොල්ලුපිටියේ ලොකු යුද්දයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පෙනී සිටි තිදෙනකු කොල්ලුපිටියේදී අද සවස රුපියල් ලක්ෂ 20 මුදලක් පැහැරගෙන යද්දී මුදල් රැගෙන ආ කැබ්රථයෙන් කොල්ලකරුවන් හප්පා එක් අයකු අල්ලා පොලිසිය බාරදී ඇත. 07 December 2022
නැව් දෙකකින් යාලට ඩොලර් ඇදලා අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 07 December 2022
දු. ස්ථානාධිපතිගේ හිත උණු නොවේ: පො. ස්ථානාධිපතිගේ හිත උණු වේ උදුවප් පුන් පොහෝ දින මල් කඩාගෙන පන්සල් යාම සදහා ටිකට් පතක් නොගෙන දුම්රියෙන් අංගම්පිටියේ සිට පාදුක්කට ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් රුපියල් 40 ක ටිකට්පත් වෙනුවෙන් පාදුක්ක දුමිරිය ස්ථානාධිපතිවරයා නිකුත් කර තිබු රුපියල 3600 ක දඩ මුදල පාදුක්ක පොලිසිය ගෙවා දමා එම වයෝවෘද්ධ කාන්තාව මුදාහැර හැරියේය. 07 December 2022
විදුලි සේවක බෝනස් නවතී විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 December 2022
තිබ්බෙ බිත්තියට වැදුනෙ නැඟනියට එකලොස් වයසැති අයියා වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන්ල රෝහල්ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 07 December 2022
සහල් ජාවාරමක තොරතුරු රාගමින් එළියට මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් මගින් නිෂ්පාදනය කරනු ලබන සහල් ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දින වෙනස් කරමින් විදේශයකට යැවීම සිදු කළ බව කියන රාගම ප්‍රදේශයේ ගබඩාවක් වටලා සහල් සහ එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට අද රාගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත. 07 December 2022
ජනවාරියේ සිට ලයිට් බිලට වෙන්න යන දේ සියලුම විදුලි පාරිභෝගිකයන් ලබන ජනවාරි සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් විදුලි බිල්පතක් හදුන්වාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය. 07 December 2022
සිසුන්ට මත් කරල් ගෙනා ඖෂධ සාහායකයා මාට්ටු මහරගම පෞද්ගලික රෝහලක ඖෂධ මිළදී ගැනීම් සහායකයෙකු මත්කරල් 800 ක් සමග අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි. 07 December 2022
14 දැරියට කැත වැඩක් කළ බැංකු කළමනාකරුවකු අල්ලයි කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 07 December 2022
මහපාරද උරුම ලේ කිර කළ මවට උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය. 07 December 2022
මෙරට අහේනිය ටික ටික වැඩි වේ ශ්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ඉන් ලක්ෂ 29ක් ක් ළමුන් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 07 December 2022
විදුලියෙන් පාඩු කීම මහා බොරුවක් මේ වන විට විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් පවතින බවත්, විදුලිබිල යළි වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, හිටපු විදුලිබල ඇමැති, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 07 December 2022
අර්බුදයෙන් ගොඩ එන්න බිල වැඩි කළ යුතුයි විදුලිබල මණ්ඩලය විශාල මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් එම මණ්ඩලයේ පිරිවැය ප්‍රතිපූර්ණ කරගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යෙන් කළ යුතු බවත් විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (7) පැවසීය. 07 December 2022
දුරකතන කඩේ කැඩූ හොරා මාට්ටු හංවැල්ල නගරයේ පිහිටි ජංගම දුරතන අලෙවි සැලක් බිඳ එහි තිබු රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා දුරකතන සොරාගත් සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 07 December 2022
මැති ඇමැති ’’පාටි’’ නවත්වා ජනතාවට සහන පැකේජයක් දෙන්න ආණ්ඩුව පසුගිය දිනවල ප්‍රිය සම්භාෂණ, විවිධ සාජ්ජ පවත්වමින් නාස්තිකාර වියදම් ගණනාවක්ම කර ඇති බවට තොරතුරු අනාවරණයවන හෙයින් එවැනි උත්සව තවදුරටත් පැවැත්වීම වහාම නවත්වා ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා ’’සහන පැකේජයක්’’ හඳුන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 07 December 2022
ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගත කරයි අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් යළිත් ඇතිවූ උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 07 December 2022
පුතුගේ තෙමස් පින්කමට එතෙර සිට ආ කත මරා දමලා මියගිය පුතුගේ තෙමස් පිංකමට සහභාගි වීමට පිටරටක සිට පැමිණි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකු ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 07 December 2022
ඉඩම් බැංකුවක් හදයි නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 07 December 2022
බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන පහක් අල්ලයි දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුර කතන පහක් චාජර් පහක් සහ සිම්කාඩ් පහක් සොයාගත් බව බන්ධනාගාරය පවසයි. 07 December 2022
ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන්ට මරණය ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු රූපවාහිනී කතා නැරැඹූ උතුරු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම හිමිවී ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 07 December 2022
සිරිපා වන්දනා සමය ඇරැඹෙයි මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) උඳුවප් පුන් පෝය (07) දින වූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්වශ්රීයෙන් ආරම්භ කෙරිණි. 07 December 2022
පළාත් කීපයකට සුළං සහිත වැසි ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (7) සවස් වන විට සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 December 2022
ගිය වසරේ 76973ක් මහඋළුගෙදර ගාටලා 2021 වසර තුළ අධිකරණ මගින් බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයන්ගේ වැඩි ප්රවනතාවක් දක්නට ලැබෙන බවත්, එම පිරිස 76973 දෙනකු බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 07 December 2022
සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. 07 December 2022
විපක්ෂ නායකගෙන් අභියෝගයක් පුළුවන් නම් ආණ්ඩු බලයක් නැතිව ජනතාවට වැඩ කර පෙන්වන්නැයි විපක්ෂයේ සිට තමන් ජනතාව වෙනුවෙන් සිදුකරන සේවයට සමච්චල් කරන පිරිසට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026