ශ්‍රී ලංකාවේ චීන තානාපති-ඇමෙරිකානු තානාපතිනි අතර හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් චීන තානාපති කාර්යාලයේදී අද(13) පැවැත්විණ. 13 June 2022
බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවමයි ඉන්ධන අර්බුධය හේතුවෙන් බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවම වී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. 13 June 2022
එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිය ඇරැඹේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරය අද(13) සිට ජූලි 8 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. 13 June 2022
‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘ ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි. 13 June 2022
සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නැතිව රුපියල් කෝටි 15 ක බැංකු ණයක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇත. 13 June 2022
දේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණු දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති. 13 June 2022
අයි.එම්.එෆ් ණය ලැබෙන කාලය හර්ෂ හෙළිකරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 13 June 2022
පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. 13 June 2022
‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 13 June 2022
යතුරුපැදියෙන් මරුවා එයි සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (13 ) සිදුවූ අනතුරින් බාල සොහොයුරා (21) මරණයට පත්ව වැඩිමල් සොහොයුරා (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි. 13 June 2022
වී මිල ඉහළට මෙවර යල කන්නයේ අස්වනු අඩුවී සහල් මිල ඉහළයාමක් හා සහල් හිඟයක් ඇතිවනු ඇති බවට පවතින සැකය හේතුවෙන් මේ වන විට බොහෝ දෙනා වී තොග එක්රැස් කරමින් සිටීම නිසා වී මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 13 June 2022
වී මෝල් හිමියන්ගේ වැඩ ගැන බලන්න ඇමැතිගෙන් අණක් වී මෝල් හිමියන් තමන් සතු වී තොග සහල් කර වෙළෙඳ පොලට නිකුත් කරනවාද යන්න අධීක්ෂණය කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 June 2022
ලිට්රෝ නව සභාපති මුදිත පීරිස් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ. 13 June 2022
නාවල-නුගේගොඩ පාර වහයි නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර අද(13) අලුයම සිට මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ. 13 June 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (13) දිනයේත් වැසි ඇතිවන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2022
චිකාගෝ නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 16 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. 13 June 2022
ජල නළය පිපිරි ප්‍රදේශ රැසකට ජලය නවතී ලබුගම සිට අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් හංවැල්ල නගරයේ දී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත. 12 June 2022
ලංවිම සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද යෝජනාවක් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 June 2022
බැසිල් සිරගත කළ යුතුයි රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 12 June 2022
ඉන්ධන පිරවුම්හල් තොරතුරු ගන්න නව වෙබ් අඩවියක් වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදනය තාක්ෂණ නියෝජිත ආයතනය (අයි.සී.ටී.ඒ.) එකතුව fuel.gov.lk නමින් නව වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ. 12 June 2022
නිවසේ සිට වැඩ කිරීම ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 12 June 2022
කොළඹ කොටුව - මහනුවර නව නගරාන්තර දුම්රියක් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නව නගරාන්තර දුම්රියක් මේ මස 15 වැනිදා ආරම්භ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 12 June 2022
ගසෙන් වැටී සිසුවා මරුට ගසකින් වැටි පාසල් සිසුවෙක් අද (12) මියගොස් ඇතැයි බව මස්කෙලිය පොලිසිය පැවසිය. 12 June 2022
ගෑස් නැව දින 5 ක් මුහුදේ ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (12) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන වි දින 5 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබේ. 12 June 2022
‘‘වැඩ දන්න කෙනෙක් පත් කරන්න‘‘ ලිට්රෝ සමාගමේ වර්තමාන කඩා වැටීමට මෙම වසර තුළ ඉවත්ව ගිය සභාපතිවරු තිදෙනා වගකිවයුතු බවත් නව සභාපතිවරයා ලෙස ගෑස් ව්‍යාපාරය සම්බන්ධ දැනුමක් ඇති පුද්ගලයකු පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සේවක සංවිධානය අද (12) පැවසීය. 12 June 2022
අභයගිරියේ ඉවත් කළ අනවසර ඉදිකිරීම් යළි හදයි ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකිරීමට සූදානම් වෙද්දී උණුසුම් තත්ත්වයක් ඇති විය. 12 June 2022
‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘ ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 12 June 2022
‘ඉන්දීය යූරියා පොහොර නැව ජුලි 10 හෝ 11 ලංකාවට‘ ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 June 2022
සතියක් ගත වුණ ලාම්පු තෙල් පෝලිම කොළඹ සහ අවට ප්‍රදේශවලට දින 7 කින් භූමිතෙල් නොලැබීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 12 June 2022
‘මත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයි‘ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 12 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025