IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’පුනරුත්ථාපනය’’ හමුදාකරණය කරන්න හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ  හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එහිදී සිදුවන්නේ දඬුවම් ලබාදීම ඔස්සේ නිවැරදි කිරීමක් බව කී අමරසූරිය මෙනවිය අවශ්‍ය වන්නේ  සෞඛ්‍යය ප්‍රවේශය ඔස්සේ ප්‍රතිකාර කිරීම තුළින් පුනරුත්ථාපනය කිරීමක් යැයි සඳහන් කළාය.

" ඒ නිසා මේ පනත් කෙටුම්පත තුළ මේ පුනරුත්ථාපන ක්‍රමවේදය අනුව දඬුවම් ලබාදීමේ අන්තර්ගතය අපි දන්නවා. දැනට අපේ පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථක වෙලා නැහැ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විශේෂයෙන්.  ඒ සියලුම මධ්‍යස්ථාන පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වල සිද්ධ වෙන දේවල් නිසා මිනිස් ජීවිත අහිමි වුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා"අමරසූරිය මෙනවිය කීවාය.



අදහස් (3)

’’පුනරුත්ථාපනය’’ හමුදාකරණය කරන්න හදනවා

කිරිපුතා Wednesday, 18 January 2023 05:06 PM

මදකිපුණු අලි වගේ ඕන එකටයි, එපා එකටයි පාරෙම ලැගගෙන..., අහුවෙන අහුවෙන එක විනාශ කරගෙන NGO වලට ඕනෑ විදිහට නටන අයව කියලා හදන්න බැරිනම් දඬුවමක් දී හැදිය යුතුයි... දේශපාලනය කරන අයගේ හොරකම් මෙන්ම නිතර නිතර වැඩ වරන, කැරලි ගහන අයගේ ක්‍රියාත් රටට හානිකරයි...

:       11       15

නිමේෂ් Wednesday, 18 January 2023 06:59 PM

මෙවැනි කමෙන්ටුවක් දාන්න පුළුවන් මොනවගේ බත් බැලයෙක්ටද කියලා හිතාගන්න බැහැ.. මේ සියවසේ බංකොළොත් කරපු එකම රට ලංකාව, පැය 13 කරන්ට් නැතිව, තෙල් නැතිව, ගෑස් නැතිව, උයාගෙන කෑමක් කන්න බැරිව, රස්සාවක් කරන්න යන්න බැරිව, ලෙඩකට බෙහෙතක් ගන්න බැරිව මේ රටේ මිනිස්සු විඳපු දුක දන්නේ එම කාලයේ මේ රටේ හිටිය මිනිස්සු විතරයි... ඔය දේ යුරෝපයේ රටක වුණානම් මෙලහකට මුළු රටම ගිනි තියලා මිනිස්සු...

:       0       0

සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:09 PM

තමුන්නැහැ පුනරුත්ථාපනය කරන්න වෙනවා සේරටම කලින්. හැමදේටම එන්ජීඕ ලේබල් අලවලා මිනිස්සුන්ට අපහාස කරන අය එහෙම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site