(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
එහිදී සිදුවන්නේ දඬුවම් ලබාදීම ඔස්සේ නිවැරදි කිරීමක් බව කී අමරසූරිය මෙනවිය අවශ්‍ය වන්නේ සෞඛ්‍යය ප්‍රවේශය ඔස්සේ ප්‍රතිකාර කිරීම තුළින් පුනරුත්ථාපනය කිරීමක් යැයි සඳහන් කළාය.
" ඒ නිසා මේ පනත් කෙටුම්පත තුළ මේ පුනරුත්ථාපන ක්‍රමවේදය අනුව දඬුවම් ලබාදීමේ අන්තර්ගතය අපි දන්නවා. දැනට අපේ පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථක වෙලා නැහැ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විශේෂයෙන්. ඒ සියලුම මධ්‍යස්ථාන පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වල සිද්ධ වෙන දේවල් නිසා මිනිස් ජීවිත අහිමි වුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා"අමරසූරිය මෙනවිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදකිපුණු අලි වගේ ඕන එකටයි, එපා එකටයි පාරෙම ලැගගෙන..., අහුවෙන අහුවෙන එක විනාශ කරගෙන NGO වලට ඕනෑ විදිහට නටන අයව කියලා හදන්න බැරිනම් දඬුවමක් දී හැදිය යුතුයි... දේශපාලනය කරන අයගේ හොරකම් මෙන්ම නිතර නිතර වැඩ වරන, කැරලි ගහන අයගේ ක්‍රියාත් රටට හානිකරයි...