(ලක්ෂ්මී ජයකොඩි)
ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් වු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසීය.
ඒ අනුව එම සාකච්ඡ ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කරනු ලබන්නේ තම පාර්ශවය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලැබු මුලික ඉල්ලීම් ඉටු කිරීමෙන් පසුව බව ද සම්බන්දන් මහතා කියා සිටියේය.
සම්බන්දන් මහතා මේ බව පැවසුවේ පසුගිය 10 වනදා ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , උතුරු නැගෙනහිර පළාත් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම හා අත්පත් කර ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම හා මුලික බලතල බෙදීම යන ඉල්ලීම් ඉටු කිරීමට රජයට සතියක කාලයක් ලබාදුන්නා. නමුත් ලබාදුන් එම කාලය අවසන්. මෙතෙක් එම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව සමත් වී නැහැ.
තෛයිපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අපගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. එහිදි ඉඩම් ආක‍්‍රමණ සම්බන්ධයෙන් යම් යම් පොරොන්දු ලබා දී තිබුණා. නමුත් මෙම පොරොන්දු ආරක්ෂක අංශ විසින් පිළිපදින්නේද යන්න පිළිබඳව විශ්වාස කිරීමට යම් කාලයක් බලා සීටීමට සිදුවනු ඇති. ජනාධිපතිවරයා හා මීළඟ සාකච්ඡා වටය වෙනුවෙන් මෙතෙක් ආරාධනා ලැබුණේ නැහැ. එවැනි සාකාච්ඡාවක් වෙනුවෙන් ආරාධනා ලැබුණහොත් එයට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගනු ලබනවා.නමුත් මීළඟ සාකච්ඡා වටයට සහභාගි වන්නේ මීට පෙර සාකච්ඡාවේදි අප ඉදිරිපත් කළ ඉල්ලීම් වලට යම් හෝ සාධනීය විසඳුම් ලැබුණොත් පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල පයයි ගොඩ පයයි තියාගෙන තවමත් කුහකකම් ඊර්ෂ්‍යාව ක්‍රෝධය නැති කරගෙන නැහැ . මෙතෙක්කල් දමිළ ජනතාවට කරපු දේකුත් නැහැ . ගෙදරට වෙලා ඊලග ආත්මය ගැන හිතන එක හොඳයි .
ගොයියෝ උඹලා මේ රටට ඉඩම් ගෙනාවේ නැහැ. විජයන් කියන මලයාලි කල්ලතොනිය ලංකාවට ආවේ උඹලා මෑතක් වෙනකම් ආව විදිහටමයි. බෝට්ටුවේ ලංකාව පෙනෙන දුරට ඇවිත් ඊට පස්සේ මුහුදට පැනල පීනාගෙන එනවා. මේ රටේ තිබෙන ඉඩම් සිංහල මිනිහාට අයිති.. ඒ නිසා ඉඩම් අයිතියක් ගැන කතාකොරන්න එපා.
ආණ්ඩුවට දුන්න කාලය ඉවර නම් අපි අපි වැඩේ බේරාගමු.
මෙච්චර වටින මිනිස්සු මැරෙනවා...
දැන් ඔයගෙ කාලෙත් ඉවර වෙලානෙ තියෙන්නෙ. තවත් අහින්සක දෙමල ජතිකයො අන්දවල දහස් ගනන් තරුන තරුනියො මරවන්නෙ නැතිව, බනක් භාවනාවක් කරගෙන ඉන්න.