(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දුෂිත රාජපක්ෂවරුන්ගේ බලය සියයට 10 දක්වා අඩුකිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම මැතිවරණයෙන් පසු රටේ නව දේශපාලන පරිවර්තනයක් ඇතිකරන දේශපාලන ව්‍යාපාරයක් කරළියට ගෙන එන බව ද හෙතෙම කීවේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී පස්, කළුගල්, වැලි මත බලය රඳවාගෙන සිටින දුෂිත ව්‍යාපාර කල්ලිය පලවාහැරීම මෙන්ම පළාත් පාලන ආයතන යනු මධ්‍යම රජය මත යැපෙන ආයතන නොව ස්වයං ශක්තියෙන් නැගීසිටින ආයතන බවත් පත්කිරීමත් අරමුණු කරගත යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික මහතා මේ බව පැවසුවේ 43 සේනාංකය මගින් කොළඹ දී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පළාත් පාලන ආයතනවලට තවදුරටත් අයවැයේ මුදල් ලබාදීමේ හැකියාවක් නැති නිසා, තමන්ගේම ආදායම් වලින් ජනතාවට සේවය කරන තැනක් බවට පරිවර්තනය විය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ ලා විතරක්ම නෙවෙයි තව අය ඉන්නව . ඡන්දෙ ඉවර වුනාට පස්සේ බලාගන්න .
1948න් පස්සේ අපේ රටේ හිටපු දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය බලලෝභී නායකයා මහින්ද. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. මුලුමහත් ජනතාවම අද නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත රාජපක්ෂ සංහතියම කරපු වැරැදි නිසා. සදහටම හිරගෙදර ඉන්න ඕනෑ උදවිය දේශපාලනෙන් අතුගාලාම දැමිය යුතුයි.
මේ හාදයා බණ ටෝකින්. එක ආසනයක්වත් නොතිබ්බ රනිල් ජනාධිපති වුණා නම්... රටට වැඩකරපු රාජපක්ෂලා නැති වෙනවාද හලෝ...?
ඒ විතරක් මදි... හොරාකාපු සල්ලි ආපහු ගන්නත් වැඩපිළිවෙළක් අවශ්‍යයි...
බමුණා වැදි බණ කියනවා... රනිල් ජනාධිපති වුණේ රාජපක්ෂගේ පිහිටෙන්... ඒකවත් තේරෙන්නේ නැති ජූජක බමුණෙක්...
පස් වැලි විතරක් නෙවෙයි, ඇයි ගල්අඟුරු... මේ මිනිස්සු කොහෙන් කතා කරන්නද මන්දා... හැමෝම කතා කළොත්... බෝ පැළ වගේ... හොරු රාජපක්ෂ හොරුන් විතරයි. මේ අය කම්බා හොරුන්...
අරමුණ හොඳයි. ඒත් වැඩේට තෝරගනිපු පුද්ගලයා තමයි අවුල. නරකද එයා නැතිව තනියම කරනවා නම්...!
ඔව්ව කියන කවුරු කවුරුවත් ර්‍අටකට වඩා වැදගත්, කොයි ආන්ඩුවක් යටතෙවත් වෙනස් කල නොහකි ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන්ට යෝජනා කරන්නෙ හෝ කටයුතු කරන්නෙ නැහැනෙ. ඔක්කොමල නිකන් කියවනවා විතරයි. ඔක්කොමල එකම වල්ලෙ පොල්.