IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ වියදම් නියාමන පනත හෙට විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත හෙට (19)  විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18)  තීරණය  කළේය

මෙම පනත් කෙටුම්පත ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බවට වගන්තියක් ඊට ඇතුළත්  කරන්නැයි  විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  ඉල්ලීමක් කළහ.

එහෙත් එම ඉල්ලීමට ආණ්ඩු පාර්ශවයෙන් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මෙම  පනත සම්මත  වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට  එම පනතට අදාලව රෙගුලාසි සකස් කිරීමට සිදුවන බවයි.

එවිට ඡන්දයක් පැවැත්වීමට හැකියාව නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ පනත  ඡන්දය වැළැක්වීමට ගෙනා තුරුම්පුවක් බවත් ඡන්දයක් ප්‍රකාශයට පත් කර  ඇති අවස්ථාවක මෙවැනි පනතක් ගෙන ඒමට විපක්ෂය දිගින් දිගට විරුද්ධවූ බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කල් දැමීමෙන් රටේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ  ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්  ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයෝ රැසක් මෙම පනත මේ අවස්ථාවේදී ගෙන ඒමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  විරුද්ධත්වය පළ කළහ.



අදහස් (0)

මැතිවරණ වියදම් නියාමන පනත හෙට විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site