IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ලක්ෂ 10ට පී.සී අමාරුවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන යාපනය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කළේ යැයි කියන සිද්ධියක සැකකාර පුද්ගලයකුගෙන් නඩු විභාගයේදී ඔහුට වාසි වන ආකාරයට උදව් කිරීමට බව පවසා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම නඩුවේ සැකකාර පුද්ගලයා කළ පැමිණිල්ලක් අනුව කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්යාපනය සන්තානසති පොල අසලදීවැටලීමක් සිදුකර පැමිණිලිකරුගෙන් අදාළ මුදල ලබාගත් බව කියන අවස්ථාවේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ද කොමිසමේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මෙම සිද්ධියේ පැමිණිලිකරු යාපනය මනිපායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු කටයුතු කරගෙන යති.

 



අදහස් (0)

ලක්ෂ 10ට පී.සී අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site