කඩදාසි වියදම අඩු කිරිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පියවරක්
රජයේ නිලධාරීන් විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා භාවිත කරන ඒ 4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය, ඒ 4 ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත් කර, වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.