ඉරණවිල මුහුද රළු වෙයි-නිවාස රැසක් මුහුදට බිලි පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ඉරණවිල වෙරළ තිරය දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් පවතින බව ධීවර ජනතාව පවසති. 29 August 2022
විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක් විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 August 2022
නොරොච්චෝලේ නඩත්තුවට වසර 12ක් තිස්සේ චීන සමාගමකට ගෙවලා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 29 August 2022
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුත් නම් හතරක් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 29 August 2022
අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම් උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 29 August 2022
විපක්ෂය රංජන්ට සමාවදීමේ ලිපිය ඉල්ලයි රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය. 29 August 2022
විදුලිබල ඇමතිගෙන් විපක්ෂයට යෝජනාවක් ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 August 2022
අද පැය තුනක් විදුලිය කපයි විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් පැය 3 ක විදුලි කප්පාදුව නැවතත් අද දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 29 August 2022
කෝප් - කෝපා පස්ස ගහන හේතුව නලින් කතා කරයි කෝප් සහ කෝපා කමිටු පිහිටුවීම පස්සට අදින්නේ පක්ෂෙට එහි සභාපති ධුර දෙන්නට වෙන නිසා දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. 29 August 2022
ගුවන් යානයේ දී තෑග්ගක් දුන් මෝහිණී අත්අඩංගුවට ගුවන් යනායකදී හදුනාගත් පුද්ගලයකුට අවුරුදු 2 ක් වයසැති පිරිමි දරුවකු දී පලා ගිය කාන්තාව අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 29 August 2022
පොහොට්ටුවේ පුංචි සභාවල ලොක්කෝ අද කොළඹට දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. 29 August 2022
විදුලි බිලේ විවාදය අද විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ. 29 August 2022
අපු‘ර රෝහලේ තඹ කම්බි උස්සලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ගෙනවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා ලදැයි කියන තඹ දඟර හයක් නාදුනන පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති පොලිසිය කියයි . 29 August 2022
ලක්ෂ 20 ගංජා සමග අයෙක් සැකපිට රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත 29 August 2022
ගේ මැද නිධාන් හෑරූ පහක් සැකපිට මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ නිවසක නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු මහනුවර විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 29 August 2022
මහනුවර කෝටිපති කතගේ ඝාතකයා අල්ලයි මහනුවර වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල තනිව සුවිසල් නිවසක පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ළඟම ඥාතියකු සහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 29 August 2022
පළාත් හතරකට තද වැසි ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට ඉදිරි දිනවලදී සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැනි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 August 2022
ඇමෙරිකන් යුද නැව් දෙකක් චීනය අවුස්සයි ඇමෙරිකානු නාවික හමුදාවේ යුද නැව් දෙකක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 August 2022
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1.3 යි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යෑමෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහදපුර මහත්මිය පැවසුවාය. 28 August 2022
මානව හිමිකම් කවුන්සිලට අලුත් යෝජනා ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. 28 August 2022
ගාල්ලේ බාලිකාවකින් ජලය ඇද්ද කෝටිපතියාට ලක්ෂ 10ක දඩයක් ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට නොමිලේ ජලය සැපයෙන මාර්ගයෙන් ජලය කාලයක් තිස්සේ නීති විරෝධීව ලබාගෙන ඇතැයි කියන කෝටිපති ව්‍යාපාරික කොන්ත්‍රාත්කරුවකුට එලෙස නීති විරෝධීව ලබාගත් ජලය වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න දඩ මුදලක් නියම කර ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. 28 August 2022
තවත් පිරිසක් ආණ්ඩුවක් පිහිටුවන්න යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 28 August 2022
කලා අංශයෙන් එක කැන්දගොල්ල විදුහලට 2021 උසස් පෙළ විභාගයෙන් කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉශාර ලක්මාල් සිසුවා සමත් වි ඇත. 28 August 2022
ජංගම දුරකථන මිලත් නගී? ජංගම දුරකථන සහ ඒවායේ උපාංග ආනයනය සීමාකිරීමෙන් ඒවායේ මිල අධික ලෙස ඉහළ යෑමේ අවධානමක් ඇති බවත් එසේ වුවහොත් එහි වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංමගයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය. 28 August 2022
වානිජ අංශයේ කප් එක රත්නාවලියට 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් වානිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වූවාය. 28 August 2022
මෙවර 171497කට සරසවි වරම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2121 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි. 28 August 2022
වත්මන් පාලනයට එරෙහිව ජනිවා හි විරෝධයක් හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ අද (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ. 28 August 2022
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. 28 August 2022
ජල ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇති අතර එම ගාස්තු ඉහළ දැමීම ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. 28 August 2022
කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි. 28 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025