(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් එම බස් රථයේ ගමන් ගත් මගී කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරු කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.
ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ පුද්ගලික බසයක් මාර්ගයේ ධාවනය කරන්න බලාගෙන ඉන්න එකෙකුගේ ගෝලයෝ පිරිසක් වෙන්න ඇති ඔහොම දේවල් කරන්නෙ උන්දැලා තමයි
රට අස්ථාවර කිරීමට අර අදින අන්තවාදීන්ගේ කෲර ක්‍රියාවක්. ජාතිවාදය අවුස්සා ගොඩ ලොකු කරගැනීමට උත්සාහ දරන දුෂ්ඨ දේශපාලුවෝ මෙහි පිටුපස ඇතිබව නිසැකයි. මේ රට කවදා ගොඩ එයිද…?
පුද්ගලික බස්කාරයෙක් මේකට සම්බන්ද ඇති. ඒ බස් එක යන වෙලාවටම යන තවත් පුද්ගලික බස් එකක් ඇති. රියදුරු දන්නවා ඇති සැක කව්ද කියලා.
ශුවර්, ප්‍රයිවෙට් බස් මුදලාලිගෙ හෙන්චයියල.
කුමන හේතුවක් නිසා මෙවැනි සාහසික ක්‍රියාවන් සිදුකරන්ෙන් දැයි අවබෝධ කරගැනීම අපහසු වුවත්, පොදු කාලසටහනක් අනුව වැඩකළ හැකි, පෞදිගලික හා රාජ්‍යය සතු බස්රථ එක්ෙකාට සංස්ථාවක් ආකාරයෙන් නිවැරදිව කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍යය. මිනිස් ජීවිතවල වටිනාකම අමතක කොට රේස් එකක නියැලී සිටින බස් හිමිකරුවන්ට චෝදනා කරමින් සිටීම මෙම ප්‍රශ්නයට පිළිතුරක් යැයි මම නොසිතමි. ජතික මට්ටමේ ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවී ඇත. එහෙත් විසඳුමක් නැත.