අයවැය අද මැතිසබයට අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (30)පස්වරුවේ ඉදිරිපත් කෙරේ. 30 August 2022
මට්ටක්කුලියේ දි තරුණයකුට වෙඩි යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ දී ඊයේ 29 රාත්‍රී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥයන් නිහාල් තල්දූව මහතා පැවසීය. 30 August 2022
බිත්තරයක උපරිම සිල්ලර මිල පහකින් වැඩි වෙයි බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් අත්හිටුවීමට පියවර ගත් බවත් පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ උසස් නිළධාරියෙක් පැවසීය. 30 August 2022
ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාව ගත යුතුයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් තීරණ හේතුවෙන් ජනතාවට නැවත ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවී ඇති බවත් ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් හිමියන් ද අපහසුතාවයට පත්ව සිටින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසීය. 30 August 2022
වයස 13 සාපෙළ ජයගත් සනහස් 15 උසස් පෙළ ජය ගනී වයස අවුරුදු 15 ක දරුවකු පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සමත්ව ඇත. 29 August 2022
රත්මලාන දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරාගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළක් කර්මාන්තශාලා 34කින් සමන්විත, රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළවලට සොරුන්ගෙන් එල්ල වී තර්ජනය පිළිබඳව අවධානය යොමුකර නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ. 29 August 2022
වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව් කරලා ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. 29 August 2022
හිතේ හයියෙන් දිවිය ජයගත් රශ්මි ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන උපතින්ම දෑත් සහ දෙපා උපතින්ම අහිමි වූ රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවිය උසස් පෙළ විභාගයෙන් වානිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය. 29 August 2022
මහකනදරාවේ වැලි ව්‍යාපෘතියක් පරිසරය වනසයි මහකනදරාව වැව් රක්ෂිතයට යාබදව පිහිටි ඉඩමක වැලි පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව අඹගහවෙල ගම්වාසීහු පවසති. 29 August 2022
කොළඹ නගර සභා ‘ප්‍රජා කුස්සිය’ට ආහාර භෝග වගාව ඇරඹේ කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල පිහිටි භූමියේ කොටසක ආහාර භෝග වගා කිරීමේ ව්‍යාපෘතිය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි. 29 August 2022
ක්‍රිකට් නිලධාරීන් අවසර ඉල්ලුවේ නිල කටයුතුවලට සහභාගිවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් හත් දෙනෙකුට දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කටයුතු සඳහා සහභාගී වීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර ඉල්ලූ බවත් එහි විධායක කමිටු සාමාජිකයින් විසින් කරනු ලබන හෝ කිරීමට සැලසුම් කර ඇති ඕනෑම සංචාරයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අදාළ ‘නිල කටයුතු’ අරමුණු කරගත් සංචාර මිස අන් කිසිවක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 August 2022
කොවිඩ් මරණ තවත් 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය. 29 August 2022
විදුලි කප්පාදුව පැය 2කට අඩු වෙයි පැය 3 ක විදුලි කප්පාදුව හෙට (30) සිට පැය 2 යි මිනිත්තු 20 ක් දක්වා අඩුකළ බවත් එම විදුලි කප්පාදුව ලබන සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 August 2022
දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ දෙයක් නොවෙයි රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකිඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උපරිම සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය. 29 August 2022
සනත් අධිකරණයට අපහාස කළැයි නිතීඥ ප්රියලාල්ගෙන් පෙත්සමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළායැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා ලෙසට ඉල්ලා ඉල්ලමින් නිතීඥ ප්‍රියලාල් සිරිසේන මහතා අභියාචනාධිකරණයට අද (29) පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත. 29 August 2022
පළාත් පාලන බලප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට පළාත් පාලන බල ප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සදහා මාර්ගගත (online ) ක්‍රමයක් හදුන්වාදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 August 2022
එජාප සංවත්සර උත්සව සංවිධානය රුවන්ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර උත්සවයේ වැඩ කටයුතු එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සංවිධානය කිරීමට තීරණය කර තිබෙි. 29 August 2022
බන්ධනාගාර රැදවියෝ දෙදෙනෙක් උසස් පෙළ සමත් වෙති මෙරව උසස් පෙළ විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල්.ටී.ටී.ඊ රැඳවියන් ඇතුලු බන්ධනාගාර රැදවියන් දෙදෙනකු ඉන් සමත් වී ඇති බව බන්ධනාගාර පොර්තමේන්තුව පවසයි. 29 August 2022
කාංචනගේ අභියෝගය පාඨලී බාරගනී ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව සොයා බැලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යෝජනා කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගැනීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 August 2022
ඉංජිනේරු සංස්ථා සේවකයෝ අගෝස්තු වැටුප ඉල්ලති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (29) විරෝධතාවක් පැවැත්වූහ. 29 August 2022
ඉන්ධන පෝලිම් දිගු වෙයි ඉන්ධන හිඟය හේතුවෙන් අද (29) දිනයේ ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටියහ. 29 August 2022
පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරකසභාව යළි පත් කරයි නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසිවූ පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාව අද (29) නැවතත් පත් කරනු ලැබීය. 29 August 2022
සිරිල් වසන්තට ඇප රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සිරිල් වසන්ත නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 August 2022
විමල්ට එරෙහි නඩුවක් දෙසැම්බරයට කල් යයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන දෙසැම්බර් 12 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 August 2022
රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ ජාතික එකගතාවයකින් පමණයි රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 29 August 2022
ශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 29 August 2022
යුනිසෙෆ් වාර්තාව ගැන විවාදයක් ඕනෑ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) ඉල්ලීමක් කළේය. 29 August 2022
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සජබ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද (29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරතවිය. 29 August 2022
උසස් පෙළ ගණිත අංශයේ පළමුවැනියා රාජකීය විදුහලෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමුවැනියා බවට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ශිෂ්‍යයාය. 29 August 2022
පාලකයන්ගේ පව් පොඩි මිනිහාගේ ඇඟ උඩ තියන්නේ ඇයි? විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා යැයි ද ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇතැයි ද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 29 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025