IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආයතන 420 ක් කෝප් කමිටුව හමුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ අක්‍රමිකතා මෙන්ම  කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420ක ප්‍රධානින්  මේ වසරේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට  තීරණය කර ඇත.

මේ අතර රාජ්‍ය ආයතන තවත්  හතරක් ඉදිරි සතියේදී  කෝප්  කමිටුව හමුවට කැඳවන බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ලංකාදීපයට  පැවසීය.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව එම ආයතන හතර වේ.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද  කැඳවා තිබිණ.එම ආයතන යළි කැද වෙන්නේ ඒවායේ කටයුතු පිළිබඳව  පසුවිපරම් කිරිම සඳහා යැයි  සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (1)

ආයතන 420 ක් කෝප් කමිටුව හමුවට

පුරවැසියෙක්...... Monday, 17 April 2023 03:05 PM

වැරැදි සිදුකොට ඇති බවට කෝප් කමිටුව තීරණය කරන සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා අතීතයට බලපාන අන්දමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැතිව කුණු ගොඩවල් අවුස්සන්න පමණක් කෝප් කමිටුව තිබීමේ ඵලය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site