IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බල්ලා මාර වෙස් ගෙන තරුණයා බිලි ගනි

(උපුල් හේරත්)

මිතුරන් තිදෙනකු එක යතුරු පැදියකින් නැගී නිවසට එමින් සිටියදී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීම එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ,අනෙක් තරුණයන් දෙදනා බරපතල ලෙස තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි .

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නාමල් වැව ,මිහින්තලේ ,ලිපිනයේ පදිංචි අසේන් ඉසුරැ (24) නමැති තරුණයෙකි.

අනතුරට ලක් වූ පැදියේ පිටු පසින් නැඟ ආ අනෙක් තරුණයන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලැබූ හෙයින් මිහින්තලේ ප්‍රාදේශීය රෝලටත් ,ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .

මෙම තරුණයන් තිදෙනා  අලුත් අවුරුද්ද උදා වූ (14) දින සවස 02.59 වන තුරුම මිහින්තලේ , මහ කනදරා වැව් පිටියේ රැඳී සිට ඇත. නව වසර උදා වීමත් සමගම මෙම තරුණයන් තිදෙනා කඩි මුඩියේ එම යතුරු පැදියට නැගී මහකන්දරාව වැව පිටියෙන් ,මිහින්තතලේ ප්‍රධාන මාවතට පිවිස පැදිකරුගේ නිවස පෙනෙන ආසන්නයේ දීම බල්ලකු පාර හරහාට පැන ඇත.

බල්ලා ගැටුණු පැදි කරු වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවත තිබූ කොහොඹ ගසක ගැටීමෙන් පැදිකරු බරපතළ ලෙස තුවාල ලබා ඇත.

පැදිකරු රෝහල්ගත කරන අවස්ථාවේ දීම මියගොස් සිටි බවත්  පැදියේ පිටුපසින් පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් කියයි.



අදහස් (9)

බල්ලා මාර වෙස් ගෙන තරුණයා බිලි ගනි

චරක Saturday, 15 April 2023 11:39 PM

සත්ව ආරක්ෂකයින්, මැද පංතියේ පරිසර විලාසිතාකාරයින් සහ ඖෂධ කොමිස්කාරයින් මෙම මරණයට වගකිව යුතුමයි. දඩාවතේ යන සුනඛයින් ඝාතනය කිරිම වළක්වා ඊනියා වඳ සැත්කම් මගින් ගහන පාලනය කිරීමට දරණ උත්සාහය නිශ්ඵලය. වසරකට මිනිසුන් දහස් ගණනක් සපාකෑම් වලට සහ රිය අනතුරු වලට ලක්වේ. සුරක්ෂිතව ඇතිකරන සුනඛයින්ට ද සෞඛ්‍ය ගැටළු ඇතිකරයි.

:       2       2

සුනිමල් Saturday, 15 April 2023 11:45 PM

මෙම තත්වය ඉතාමත් භයානක ආකාරයට මහාමාර්ගවල සිදුවෙනවා.. මෑතකදී පශු සම්පත් සංවර්ධන උසස් නිලධාරි මහතෙකුගේ යතුරු පැදියට බල්ලෙක් පැනීම නොමැරී බේරුණා කියලා අහන්න ලැබුණා.. මාසෙකට වැඩිකලක් ගතවුණත් තවමත් සුවයක් නැති එතුමාට ඉක්මන් සුවය පතමු. මේවාට බල්ලන් අයිතිකාරයෝ සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේ දරුවා පමණක් නොවෙයි, බල්ලන් නිසා අනතුරුවලට ලක්වෙන සියලු යතුරුපැදි කරුවන් වෙනුවෙන් නොපමාව බල්ලන් අයිතිකාරයෙක්ගෙන් අවම වශයෙන් ලක්ෂ දහයක්වත් වන්දි ගැනීමට හැකිවන ආකාරයට නීති සැකසීම කරන්න ඕනෑ... මෙහෙම වෙන්නේ නිවෙස්වල බල්ලො හදනවා... දඩාවතේ හරිනවා.. පැටව් ලැබුණොත් නිවාස හෝ පංසල් ළඟට ගෙනැවිත් දමනවා. බලන්න කෙනෙක් නැහැ. ඇත්තටම බල්ලො නිසා සිදුවූ මේ විනාශය වෙනුවෙන් අලාභය කොතෙක්ද කිව හැකිද? දැන් තත්වය එහෙම වුණත් දරුවන් අයිති පවුල්වල කෙනෙක් එම බල්ලා මැරුවොත් ඒ ගැන බලන්න නම් මිනිස්සු ඕනෑතරම් සිටීවි නේද? අඩුම ගණනේ පනතක් ගේන්න කාලයක් යනවා නම් හෝ අයාලේ යාමට විරුද්ධ වීමට නීතියක් ඇත්නම් ජනප්‍රිය ටෙලිනාට්‍ය අවස්ථාවේ හෝ අපහසු නම් එම් ඕ එච් ඔෆිස් මගින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර මෙම විනාශය වහාම නැවැත්වීම සුදුසුයි...

:       1       4

ලංකාපුත්‍ර Sunday, 16 April 2023 12:05 AM

කලකට පෙර දඩාවතේ හරින බල්ලන්ට මරාදැමීමට කටයුතු කළත් එක් බලගතු කාන්තාවක් එයට විරුද්ධව සිටීම නිසා එම කටයුතු නැවතූ බව දැනගන්න තියෙනවා එහි ප්‍රතිඵලයක් ලෙසට මෙහෙම තරුණ ජීවිත පමණක් නොවෙයි, වැඩිහිටි ජීවිත පවා අනතුරුවලට ලක්වෙන අවස්ථා අනන්ත තියෙනවා. එයට අමතරව නිදැල්ලේ හරින බල්ලන් නිසා ජලභීතීකා රෝගය පැතිරීමටත් හේතුවක් වෙන්න පුළුවන්.. ඒවාට විශාල වශයෙන් අවශ්‍ය බෙහෙත් සඳහා විනිමය වැයවීම සිදුවේවි. මෙම ව්‍යවසනය බලන්න කෙනෙක් නැත්නම් අවම වශයෙන් වසංගත රෝග අංශයේ අවධානයටවත් යොමුවේවා..!

:       1       3

Sanjaya Sunday, 16 April 2023 09:41 AM

තුන්දෙනෙක් එක බයිසිකලයක. ගොඩක් වෙලාවට හෙල්මටුත් නැතුව බීලා ආතල් අරගෙන එන ගමන් වියහැකියි.

:       1       3

අබරං මාමාSunday, 16 April 2023 04:43 PM

බල්ලො සිටින පාරක ස්කුටි වර්ගයේ හෝ කුඩා ප්‍රමාණයේ යතුරු පැදියක් අරගෙන නුඹ විතරක් පැදපං පුතේ... එතකොට නුඹටත් රඟේ තේරේවි. එතකන් ඔහොම කොටපං පුතා...

:       2       2

LallaMonday, 17 April 2023 08:54 AM

මෝටර් සයිකල් නොපැද සිටින් අබරං මාමේ... ප්‍රශ්නය විසඳෙයි.

:       0       0

Shantha - Qatar Sunday, 16 April 2023 09:45 AM

නිවන් සුව ලැබේවා පුතේ, පාරේ ඉන්න බල්ලන්ගෙන් නම් පුදුම කරදරයක් තියෙන්නේ...

:       2       2

Ajith Sunday, 16 April 2023 04:21 PM

මම ඉන්නේ විදේශ රටක. මේ රටේ බල්ලෙක් හදනවානම් ලියාපදිංචි කල යුතු අතර බල්ලන් අයාලේ යැවීම තහනම්. ඒ නිසා මේ වගේ අවසනාවන්ත අනතුරු වෙන්නේ නෑ.

:       1       4

චමින්ද Sunday, 16 April 2023 06:04 PM

මම හිතන්නේ ලංකාවේත් නීතියක් නම් තියෙනවා... ඒත් බලන්නේ කවුද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site