
(ජේ.කේ.එල්. චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)
අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව රංකැට ඇළේ තිබි අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.
පොලිසිය, යුධ හමුදාව හා ගම්වැසියන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදි දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත.
දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ මරණයට හේතුව අනාවරණය කරගතහැකි බවද පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි. මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි ඊයේ (15) අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙමව්පියන් සහ වැඩිහිටියන් මේතරම් නොසැලකිලිමත්ද?
ලංකාවේ පමණක් දැන් කාලේ අම්මලා සහ ආච්චිලා නැත... ඉන්නේ නංගිලා සහ වයසක අක්කිලාය. ඒ අය ළමයි බලනවා වෙනුවට කරන්නේ මනමාලකම්ය.
ලෝකයේ තිරිසන් ජනගහනයෙන් යුක්ත එකම රට ශ්‍රී ලංකාව...
මව් පදවිය ලබන්නට නුසුදුසු අයට එම පදවිය ලැබුණාම වෙන දේවල් තමයි. අන්තිමට කියයි ළමයාට ලොකු මාරකයක් තියනවයි කියලා... ජෝතිෂයේ කීවා කියලා.
ඔයාට නිවන් සුව ලැබේවා චූටි බබෝ...!
තමන්ගේ දරුවා ගැන මීටවඩා කල්පනාවෙන් හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ. මේවා කාට කාටත් හොඳ පාඩම්...!