
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ලේ ඊයේ රාත්‍රි පැවති සංගිත සංදරශණයක් අසළදි වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දඩල්ල මහ මුදලි මාවත පදිංචි නොරගල් රොෂාන් හෙවත් කසිප්පු රොෂාන් නමැති 37හැවිරිදි පුද්ගලයෙකි.
දඩල්ලේදි අවුරුදු උත්සවයක් පැවති අතර පසුව රාත්‍රි කාලයේ සංගිත සංදරශනයක්ද පවත්වා ඇත. මියගිය අයද රාත්‍රි දහයයි කාලට පමණ එය නැරඹීමට එමින් සිටියදි පිටුපසින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලකින් වෙඩිතබා පලාගොස් තිබේ.
මෙහිදි තවත් අයකුටද වෙඩි වැදි ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. සංගිත සංදරශනය නැරඹිමට පැමිණ සිටි 19 හැවිරිදි තරුණයකුගේ පාදයකටද උණ්ඩ කැබැල්ලක් වැදි තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
කසිප්පු පෙරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා ඊයේ දහවල් කාලයේ නිවාස තුනකට පහරදි අලාබහානිකර ඇති බවත් එයට පලිගැනිමක් ලෙස ඝාතනය සිදු කර ඇති බවත් වෙඩි තබා ඇත්තේ මියගිය අයගේ බිරිඳගේ 29 හැවිරිදි සොහොයුරෙකු විසින් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු හබයෙන් මස්සිනා - මස්සිනාට වෙඩි තබයි
දඩල්ලගේ Sunday, 16 April 2023 08:00 AM
ඉස්සර හිටපු මිනිස්සු අක්කා අනාථ වෙනවාට ඔහුව හොඳින්ම ආරක්ෂා කළා. දැන් කාලයේ තමන්ගේ සහෝදරියට වඩා කසිප්පු ලොකුවෙලා තියෙනවා... අනේ මෙහෙමත් කාලකණ්නියන්..!
රතුගමගේMonday, 17 April 2023 06:31 AM
එහෙම කිරීමේ වරදක් නැහැ කියලා හිතෙනවා... මොකද ඒ මිනිහා කසිප්පු ප්‍රශ්නයක් නිසා ගෙවල් කීපයක් විනාශ කළ කෙනෙක් නිසා මැරුණු එකා සමාජයට පිළිලයකි. වත්මන් ජනාධිපතිවරයාටත් මෙහෙම හිතන්න පුළුවන් නම් සමාජයේ නීති විරෝධතා සියල්ලම නවතන්න පුළුවන් වෙනවා...
පුරවැසියෙක්..... Sunday, 16 April 2023 10:31 AM
රටේ සෑම තැනකම පාහේ අපරාධකරුවන් අත ගිනිඅවි තිබීම ජන ජීවිතයට විශාල තර්ජනයක්ව ඇති බැවින් මේ සම්බන්ධයෙන් රජය දැඩි පියවරක් ගනිමින් නීති විරෝධීව ගිනිඅවි භාවිතා කිරීම නතර කිරීමට කඩිනම් පියවරක් ගත යුතුයි.