මෙරට අර්බුදය තවත් දරුණු අතට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් දරුණු අතට හැරෙමින් පවතින බවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මස සියයට 58.9ක් වූ උද්ධමනය ජූලි මස සියයට 66.7 ක් දක්වා වැඩි වී ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දුන්නේය. 30 August 2022
ඉදිරි දින ගැන වාරිමාර්ගයෙන් රතු එළියක් ඉදිරි දින දෙක තුළ ඇතැම් ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 August 2022
සංවර්ධන නිලධාරිනියට සැමියා තියුණු ආයුධයකින් පහරදීලා පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මැදිරිගිරිය ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ඇගේ සැමියා විසින් මැදිරිගිරිය විහාරමාවත මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 30 August 2022
ස්ථාවර ආණ්ඩුවක් නැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න බෑ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. 30 August 2022
අයවැය ගැන සෑහීමකට පත් වන්නේ නෑ අතුරු අයවැය පිළිබඳ සෑහීමකට පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කීය. 30 August 2022
ජොන්ස්ටන්ට අධි චෝදනා සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය. 30 August 2022
වතුකම්කරු පඩිපාලක සභාව කැඳවන්නයි ඉල්ලීමක් ජීවන වියදම ඉහළ යාමත් සමග වතු කම්කරුවන්ගේ දිනක වියදම රුපියල් 3500 කට වඩා ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය පිළිබඳව පඩිපාලක සභාව නැවත වරක් කැඳවන ලෙස ලංකා ජාතික වතු කම්කරු සංගමය පඩිපාලක සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය. 30 August 2022
ලංකා සතොස ටින් මාළු ගේන්න වැඩි ලන්සුවට දෙයි ලංකා සතොස ආයතනය වැඩිමිලට මාළු ටින් 75000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇතැයි ලංකා සතොස සේවකයෝ චෝදනා කරති. 30 August 2022
අන්තරේ පාගමනට කඳුළුගෑස් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි. 30 August 2022
කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක් අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වන ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 30 August 2022
මහ කන්නය බඩ ඉරිඟු වලින් පුරවන්න යයි ලබන මහ කන්නයේ හෙක්ටෙයාර් 110,000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 30 August 2022
අතුරු අයවැය කතාව මෙතෙක් අප රටේ පැවැති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කෙරෙන අතුරු අයවැය අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝකයට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම මෙයයි. 30 August 2022
අන්තරේ හා වෘත්තීය සමිති එක්ව පවත්වන විරෝධතා පා ගමන ඇරඹෙයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පවත්වන විරෝධතාවක් මේ වන විට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ. 30 August 2022
සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් නිතීඥ විජිත කුමාර මහතා අභියාචනාධිකරණයට අද (30) පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත. 30 August 2022
162 සැප බස් වර්ජනයක කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නීති දෙකක් ක්‍රියාත්මක කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පවසමින් මාර්ග අංක 162 බණ්ඩාරගම කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වූහ. 30 August 2022
සල්ලි නොදුන්නැයි පුතා මවගේ බෙල්ල මිරිකලා මුදල් ඉල්ලා බල පෑම් කර එය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්වූ පුතකු තම මවගේ බෙල්ලෙන් අල්ලා මරණ බවට තර්ජනය සිදු කර ඇයට අයත් ත්‍රිරෝද රථය ගිනි තබා විනාශයට පත් කිරීමේ සිද්ධියකට සැකකාර පුතා අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලීසිය පවසයි. 30 August 2022
අයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ. 30 August 2022
ලංකාවට ණය දුන් රටවල් සාකච්ඡා කරන්න එන්න ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්වෙන ලෙස සියලුම ණය දුන් රටවලින් ඉල්ලා සිටින බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ප්‍රකාශ කළේය. 30 August 2022
අයවැය කතාව ඇරඹේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය. 30 August 2022
අයවැය කතාව කරන්න ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ ඉදිරි වසර හතරක් සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය. 30 August 2022
ලොරි-ලොරි ගැටී දෙකක් මරු දකිති හම්බන්තොට තිස්සමහාරාම පාරේ වීරවිල තිස්සමහාරාමය දක්වා දාවනය වූ කුඩා ලොරි රථයක් අද 30 වන දින උදේ 5.00 පමණ තිස්සපුර ප්‍රෙද්ශයේදී නතරකර තිබූ ලොරි රථයක ගැටීමෙන් කුඩා ලොරි රථයේ ගමන්ගත් රියදුරා හා කාන්තාවක එම ස්ථානයේම මියගොස් බරපතළ තුවාල ලැබූ තවත් අයෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 30 August 2022
බසයක් පෙරලී 18ක් රෝහලට නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් වලපනේ මහව්ව වංගුවේදී පෙරලිමෙන් මගීන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි මහතා පවසයි. 30 August 2022
දරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසායානු කලාපීය අධ්යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරවුන්ගේ මන්ද පෝෂණය ගැන කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසැඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. 30 August 2022
බටහිර සුමාත්රාවට භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත. 30 August 2022
හොරගොල්ලේදී තරුණයකු කපා කොටා මරා දමලා ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කොට ඇති බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. 30 August 2022
එදා වේල ටුවර්ස් පාලනයකින් ජනතාවගේ බඩගින්න ඉහළ යනවා එදා වේල ටුවර්ස් පාලනයකින් සිදුවන්නේ ජනතා පීඩනය දිනෙන් දිනම ඉහළ යෑම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 30 August 2022
දේශබන්දු ඇතුළු තිදෙනකුට පහරදුන් තිදෙනෙක් මාට්ටු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මැයි මස 10 දින කොල්ලුපිටිය පොලිස් වසමේ දී පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 30 August 2022
බොහෝ ප්‍රදේශයන්ට සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේ ගිගුරුම් සහිත වැනි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 August 2022
මුදල් හා රන් ආභරණ බැංකුවක තැන්පත් කළ කතක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් ආභරණ තොගයක් බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පර්ගියුසන් පාරේ නිවසකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 30 August 2022
රට හැර යන්න ගිය 34ක් මුහුද මැදදී අල්ලයි නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් ල්දූව මහතා පැවසීය. 30 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025