
(ටෝනි කරුණානායක)
අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
කඩවත ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලික පාසලේ ඉංග්රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙජ්ජි ගිගිරි සෙල්ලම කරන්න ආස හිතෙන්න ඇති
ශුභ පතන්න මුහුණ ඉම්බා කියලා නඩු දාන්න මේ ටීචර්ට පිස්සුද? තරුණ මදයෙන් ඉදිමිලා උඩඟු, උද්දච්ජ කම ඉහට ගහලා ඉන්න කෙනෙක් වෙන්න ඇති..ඔච්චරටම අමාරු නම්, ඒ වැඩිහිටි විදුහල් පති තුමාට දේශීය විදිහට දන ගහලා කලින්ම ශුභ පැතුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ..සමහරවිට ඒ විදුහල්පති තුමා ක්රිස්තියානි ආගමිකයෙක් වෙන්න ඇති. ඒ අය ශුභ පතන්නේ එහෙම තමයි. ඉංග්රීසි ඉගැන්වුවාට ගෝත්රික ගති පැවතුම් ඇති ටීචර් ගේ සිත තරම් අර විදුහල්පති තුමාගේ සිත වනචර නැතිව ඇති..
දුක හාදු දෙන රැයේ .... දැන් සනීපද ?
විදුහල්පති වරයෙක් ටීචර් කෙනෙකුට හාදුවක් දීල., මොකක්ද මේ 60 කථාව? අවුරුදු 20 - 25 ගැටව් ඉන්නවා හාදුවක් දීගන්න බැරි එවුන්. එනිසා වයස මෙතනට ආඳාගන්න එපා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. කෙරුවාවයි වැදගත්.