(මුදිතා දයානන්ද)
පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විසිඑක් වසරකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එල්.ආර්.සී. විසින් පෞද්ගලික සමාගමකට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවනු ලැබ ඇතත්, එම පරිගණක පද්ධතිය මේ දක්වා ස්ථාපිත කර නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එම විගණන වාර්තාවට අනුව, මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට මුදල් ගෙවා තිබෙන්නේ 2002 වසරේදීය.
වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත නොකර තිබියදී එම මුදල් නැවත ලබාගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබුණද, කොමිසම ඒ සඳහා කටයුතු කර නැත.
මේ සම්බන්ධයෙන් විගණනය වෙත අදහස් දක්වමින් කොමිසමේ කළමනාකාරීත්වය සඳහා කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවස්ථා ගණනාවකදී මහාභාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විමසා ඇතත් මේ දක්වා නිශ්චිත විසඳුමක් ලැබී නැති බවය.
එසේම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇති බවද, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන බවද කළමනාකාරිත්වය සඳහන් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නැති බව සහ ඒවායේ අලසකම නැති බව පැහැදිලියි!
යමක් කරන්න ඉස්සර වෙලා ටෙන්ඩර් කැදවීමක් කර ගිවිසුමක් අත්සන් කරල නේද වැඩක් ආරම්භ කරන්නෙ එහෙම කරල වැඩේ නොකෙරුනාම භාණ්ඩාගාරයෙන් අහන්නෙ මොකටද ගිවිසුම කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් නේද මෙහෙම නොසැලකිල්ල අවංකභාවය නැතිකම වංචාව අනවධානයෙන් කටයුතු කිරීම සම්බන්ධ යෙන් අදාල අයගෙන් සම්පූර්ණ මුදලත් තවත් මේ වනවිට මුදලේ අවප්‍රමාණයවීමත් බලා සියයට ගණනක් අයකිරීමට කටයුතු කරන්න ඕන ඇත්තටම විගණනයක් කරන්න අවුරුදු කීයක් බලන්න ඕනද කියලා කියන්න එමෙන්ම අදාල ආයතනයේ ප්‍රගති සමාලෝචනයක් කරන්නෙ නැද්ද එම වාර්තා අදාල අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිළධාරින් විමසන්නේ නැද්ද පාර්ලිමේන්තුව වරින්වර කල්දාල කරන කමිටු අහෝසි කිරීමත් මේවාට ප්‍රභලම හේතුවක් වෙනවා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම මගින් කමිටු අහෝසිවීම පනින රිලවුන්ට ඉනිමං බදින්න වගේ වැඩක් කියන්න පුළුවන්