(ඩී.ජී.සුගතපාල)
රුපියල් කෝටි 350කට අධික වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් සමග දකුණු මුහුදු සිමාවේ සිට මුහුදු සැතපුම් 235ක් දුර ජාත්‍යන්තර මුහුදේදි අත් අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව සහ සැකකාර ධිවරයන් හය දෙනා අද ගාල්ල වරායට ගෙන එනු ලැබිය.
නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාරයංශය රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදු කරනු ලැබු විශේෂ වැටලිමකදි හම්බන්තොට සිට නාවික සැතපුම් 235ක් ඈත මුහුදේදි මෙම බහුදින යාත්‍රාව පසුපස හඹාගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි යාත්‍රාවේ තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක තොගය සොයාගෙන ඇත.
දික්වැල්ල අලුත්ගොඩ කදුරුගොඩ පදිංචි ආර්.පී.සාලින් නදිර යන අයට අයත් “සලින් 02” නමැති මෙම බහුදින යාත්‍රාව මාරතු 20වනදින කුඩාවැල්ල ධිවර වරායෙන් ධිවරයින් හය දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර පකිස්ථානයේ සිට ගෙන එන ලද හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේදි ලබාගෙන ඇති බවද අනාවරණයවි ඇත.
හෙරොයින් සමග යාත්‍රාවද සැකකාර ධිවරයින්ද ගාල්ල වරායවෙත ගෙන එනු ලැබ ුඅවස්ථාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුලු නාවික හමුදාවේ උසස් නිලධාරිහුද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී නිදොස්කොට නිදහස් ... මුහුදේ ගැඹුර දන්නේ නැති ශ්‍රී ලංකා නාවික හමුදාව... ලැජ්ජයි.
වෙන රටකවත් පොලිසියකට දීලා නඩු දාන්න වෙයි. නැතිනම් කලින් නඩුවට වුණුදේම වෙයි. කුඩු පිටිවෙයි.
මේකත් ඇල්ලුවේ නෑ කියයි. මතක නෑ කියලා ඔක්කොමලා නිදහස් කරයි. දූෂිත නිලධාරීන්...
දූපත වටේටම තිබෙන මුහුදේ සිටිනා මත්ස්‍ය සම්පත මුළු මහත් රටවාසීන්ටම අයිති දෙයක්.ඒත්,මේ රටේ ධීවරයන් එම මත්ස්‍ය සම්පත රටේ ජනතාවට අධික මිල ගණන් වලට විකුණනවා.මුහුදේ හැදෙන මාළු නිෂ්පාදනයට අල්ලා ගැනීමට යන මුදල් වලට අමතරව සත පහක්වත් ඒ වෙනුවෙන් වියදම් වෙන්නේ නැහැ.ඒත්,ධීවරයන් මාළු විකුනන්නේ, මත්ස්‍යයන්ව ඇතිදැඩි කොට ඉස්කෝලෙ යවා වියදම් කරා වගෙයි.ඊට අමතරව,රට වනසන කුඩු වසංගතය පතුරවා කෝටි ගණන් මුදල් උපයනවා.සෑම ධීවර බෝට්ටුවක් ගැනම දැඩි අවධානය යොමු කරනු වටී.එසේම,කුඩු ව්‍යාපාරය සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි බැවින් ඒගැනද දැඩි අවධානය යොමු කරනු වටී.
ඕකටත් වෙන්නේ අර 2009දී අල්ලපු කෝටි 296 කුඩු නඩුවට වෙච්චි දේම තමයි. උසාවිය ඔක්කෝම නිදොස්කොට නිදහස් කරලා දායි. ඉන්න හිතෙන රටක්.. විධායකය, ව්‍යවස්ථාදායකය, ජනමාධ්‍යය, නීතිය මේ කිසිදෙයක් ජනතාව වෙනුවෙන් නෑ.
මේක නම් පොලිසියට දෙන්න එපා.... උන්ට හොද ජරාවක් කෑවම සේරම අමතක වෙනවා
නියම පුවතක් පොලිසියෙ උන්ට රජ මගුල්…! ලොක්කන්ට වැඩියෙනුත් පොඩ්ඩන්ට අඩුවෙනුත් බෙදාගනීවි අපි නිකම් බලා ඉදල යවුත්තු වෙනව.
රජය් මැදිහත් වෙලා මේ කුඩු විකුනලා ඩොලර් හොයමු ...මාසෙන් නය වලින් නිදහස් වෙන්න පුලුවන් .