(අංජුල මහික වීරරත්න)
චීනයට ලංකා රිලවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා ලාංකික රිලවුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවද එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශව අදහස් පළ කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරන අතර තවත් සමහරුන් වල්ගය පාගා ගෙන කතා කරන බවක් පෙනෙන්නට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
ලංකාවෙි රිලව් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලිමක් ඉදිරිපත් වුනත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූල භාවය ගැනත් අපි සලකා බැලිය යුතු අතර ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව , සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්දේශ ලියුමට මයිනාවත් ඇතුල් කරන්න. ලැබුණු අවස්ථාවන් පැහැර හැරපු ජාතියක් වන අපි මේ අවස්ථාවේවත් චීන අවන්හලකට පටවමු.
තවත් මොකටද රිලා කමිටු පත් කරන්නේ? තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලව් ඉන්නේ ඕනතරම්?
තමන්ගෙ කෙනෙකුට හරියනවාට එයාලා අකැමැති වෙන එකක් නෑ. රට පැනගන්න ලැබෙන එක මොනතරම් චාන්ස් එකක්ද?
චීනට මොනදේ එව්වත් සුනේ සුන් තමයි.
කැබිනෙට්ටුවේ ඉන්නෙත් රිළව්. උන්ගෙන් අහන්න ඕනෑ නැහැ. උන් රට යන්න කොහොමත් කැමැතියි.
වඳුරුමස් සාම්ප්‍රදායිකව චීන ආහාරවල "ප්‍රණීත (ප්‍රණීත ආහාරයක්)" ලෙස සලකනු ලබන අතර, ඖෂධීය ගුණ ඇති බව ද විශ්වාස කෙරේ.
ලස්සන වචන සහ අපේ බදුමුදල් මේ කමිටුවලට වියදම්කරන එක විතරයි වෙන්නේ. චීනෙ ඉල්ලුවා නම් මොවුන් අම්මා වුණත් දෙනවා. අපි බලමුකෝ ඔය අනු කමිටුව මොකද කියන්නේ කියලා... ඔට්ටුවක් අල්ලන්න ඕනෑ නම් කියන්න.
රිලව් මොකද කියන්නේ? උන් කැමති ද?
කරුණාකරලා කැබිනට් ඇමැතිවරු ටිකක් අපනයනය කරලා ඒ අයගේ පුරප්පාඩුවලට වඳුරන් ටිකක් පත් කරන්න.