(යොහාන් භාසුර)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වසර හතරකින් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි අතර එසේ කිරීමට නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුණෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතු බවත් වර්තමාන නීති යටතේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17) පැවසීය.
ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව කී ඒ මහතා මැතිවරණ කොමිසන් සභාව නාමමාත්‍රික ස්වාධීන කොමිසන් සභාවක් බවට පත්වී ඇති බව ද සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටු දේශපාලන වාසි අනුව වෙනස් කිරීමට බලයක් නැති මෙන්ම ව්‍යවස්ථාව වෙනස් එසේ කරනවානම් මහජන අනුමැතියක් ලබාගත යුතු බවත් ඒකාධිපති පාලනයක් ගෙන යන වර්තමාන ආණ්ඩුව මහජන ප්‍රඡාතන්ත්‍රවාදය යටපත් කර ඇති බවත් මහාචාර්යවරයා කීය.
අයි.එම්.එෆ්. සමග පැවැත්වූ සාකච්ඡා සහ යෝජනාවල කිසිඳු විනිවිදභාවයක් නොමැති බව සඳහන් කළ ඒ මහතා සඳහන් කළේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින් මාධ්‍ය නිදහස වියැකී යන බවත්ය.
අයි.එම්.එෆ්. ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එම ගිව්සුමේ සිංහල හා දෙමළ පරිවර්තනයක් මෙතෙක් සිදුවී නැති බවත් එම ගිවිසුමට නිදහස සභාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහය හිමි නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔයා මොංගල් වයසට ඇවිල්ලා ඉන්නේ...!
කිසිම ජනවරමක් නැති, මහජන ප්‍රසාදයක් නැති පින් ජනපතියා කරන්නේ දූෂිත දේශපාලුවන් රකින එක. ඡන්දෙකට යන්නත් බයයි.
හිටපු කාලය තුළ යමක් කළේ දැයි හාන්සි පුටුවක දිගාවී කල්පනා කරන්න. නොතේරුණාට දැන් ඔයාලා කල් ඉකුත් වී හමාරයි.
ඔබතුමා 20 සංශෝධනයට අත උස්සලා සම්මත කලේ ඔය කියන ස්වාධීනත්වය ඇති කරන්නද? 17 පක්ෂයි 18 පක්ෂයි 19 පක්ෂයි 20 පක්ෂයි 21 පක්ෂයි මහාචාර්යතුමා අපිව අන්දන්න එපා...
හැම දෙයක්ම වපරයෙන් ඇසෙන් නොබලා. රට වෙනුවෙන් යමක් කල හැකිදැයි බලන්න.