(විමුක්ති එස්. රුද්‍රිගු)
ෆෝබ්ස් සඟරාව විසින්, මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කරනු ලැබ ඇත.
සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත, මෙම රටවල් 23 නම් කර ඇත. සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගනු ලැබ ඇත.
ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී තිබේ.
අනුරාධපුරය, මහනුවර, පින්නවල අලි අනාථාගාරය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත්, කෙටි දුරක් ගමන් කර නැරඹිය හැක ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බව ඇය පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඩොලර් එවන්න එපා කියලා පහුගිය කාලෙ විලාප දුන්නු ජවිපෙලගේ ඇහේ කටු ඇනෙන පුවතක්
සංචාරයට හොඳ රටක්,ප්‍රශ්නෙකට තිබෙන්නේ ලංකාවට ගොඩ බැස්ස මොහොතේ සිට සංචාරකයන්ගෙන් ගසාකන්න බලන් ඉන්න කාක්කෝ නිසා මෙහේ නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන්ද කියන එක
හොඳම රට නමුත් ඉන්නෙ තනිකර උම්මත්තක පිස්සො ටිකක්.
ශා කොහොමද රනිල්ගේ වැඩ .ලබන සැරෙත් අපි රනිල්ට දෙමු