(සුජිත් හේවාජුලිගේ )
රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන්ට වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කළේය.
මෙරට රිලව් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානයවලට යැවීමට රජය පසුගියදා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනරා, රිලවා වගේද මයිනෝ සහ කපුටා…? උං වගාව විතරක් නෙවෙයි, රටයි, අනාගතයයි දෙකම කෑවා… ඒ නිසා චීන ආපනශාලා වලට උංවත් පටවමු.
ඇයි ගිරව්, ඌරෝ, ඉත්තෑවෝ, කුරුමිනියෝ? ඔවුන්වත් යවනවකෝ. ඔයාලාට පිස්සුද හලෝ?
රට විනාශ කරනා පුත්තලම් බූරුවෝ ටික
දියවන්නාවේ මීහරක් ටික ගන්න කවුරුවත් නැද්දෝ
අනේ මෙහෙමත් කාලකන්නි. සතුන්ටත් ඉන්න දෙන්නේ නැතුව මරාගෙන කන්න යනවා
කලබල වෙන්න එපා... ඔක්කොටෝම ළඟදීම වීසා දෙනවා.
වනාන්තරවල ඉන්න අලි, කොටි, වලසුන්වත් ඔයගමන්ම ගන්න කැමැති රටකට ඩොලර් ලැබෙනවා නම් විකුණලා දාන්න කියලා ලොක්කට කියන්න.
දඩාවතේ යන බල්ලන් ගැනත් වහාම පියවරක් නොගත්තොත් හෙට අනින්දාම පොල්ලක් නැතිව පාරකට බහින්න බැරි වෙනවා.
අර මත්තල පැත්තේ හිටපු ඔක්කොම මොනරු ටික විවිධ පළාත්වලට ගෙනත් දාලා. නගර සීමාව තුළත් මොනරු හා රිලව් පිරිලා ඉන්න මනුසත්තු මදිවාට. වානර ගති පැවතුම් ඇති මනුෂ්‍ය රැලක් ඉන්න මේ ලංකාවේ නම් යහපත් මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න බැරි වාතාවරණයකුයි තියෙන්නේ. අර රිලව් ටික චීනෙට පටවන එකට විරුද්ධවත් තවත් රිලව් රැලක් මොර දෙනවා. ඇත්තටම මොවුන්ට පිස්සුද? තියන කරදරවලින් නිදහස් වෙන්න හදනවා වෙනුවට, කරදර බලෙන් ඇඟට දාගන්නවා.
රටම විනාශ කරන මේ 225 යවාගන්න රටක් නැද්ද අප්පා? නොමිලේම මේ සත්තු විකුණලා කන්න හදන්නේ.
කපුටා හිට් ද ප්ලේන්, උන්ගෙනුත් මාර කරදරයක්නේ තියෙන්නේ...?
නාකී නඩේගෙන් තියෙන කරදර... ඉවසන්න බැරි ජනතාවට. මේකට විසඳුම සත්තු පිටරට අරින එක නෙමේ... මේ නූගත් මොඩ නාකි නඩේ... වැලිකඩ හිර ගෙදරට දමන්න තවම නායකයෙක් පත් නොවුණු එකයි. ඔය සත්තු පෙන්නලා හරි එදාවේල පිරිමහ ගන්න පුළුවන්. දුප්පතෙකුට නමුත් මේ නාකි නඩේ නඩත්තු කරන්න දවසට කොයිතරම් මුදල් කන්දරාවක් ඕනෑද? ඒ වියදම් කරලත් මොවුන්ට මොලේ කළඳක් නැහැ. මොවුන්ගේ දරුවෝ හරි කියලා දෙන්නේ නැත්ද? මොවුන්ට උනුත් ගොබ්බ පැටව් වෙන්න ඇති... මෙයාගේ ඇමැති කම මොකක්ද? මෙයාගේ ගුරා කව්ද? මේ වගේ දේවල් කරන්න උගන්නපු එකා. අනිත් රටවල එක සතෙක් හුවමාරු කොයිතරම් දෙවල් ඒ සතා වෙනුවෙන් බලනවාද? මෙයා ලක්ෂ ගණන් සත්තු පිට කරන්න හදන්නේ වඳ වෙනකොට...
ස්වභාව ධර්මයේ ආහාර දාමයක් තියෙනවා ඉතින් ඒකට යම් යම් ආකාරයට බාධා යෙදුවොත් ප්‍රශ්න ඇතිවෙනවා අපිට ස්වභාව ධර්මයා ඉක්මවා කටයුතු කරන්න බැහැ