(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත.
ලබා ගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට තීරණය කර තිබුණත් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.ලබා දුන් ණය මුදල සඳහා පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සුදානම් බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මහතා පවසා ඇත.
වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලුක්දර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන විට කිසිඳු ගාස්තුවකින් තොරව එය සිදු නොවන බවත් ණය මුදල සඳහා තවත් පොලිය එකතු වන බවත් තලුක්දර් මහතා පෙන්වා දී ඇත.ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ණය මුදල ගෙවීම සඳහා තවත් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවට වීරසිංහ මහතා සහතික වූ බව තලුක්දර් මහතා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් හැර යන ප්‍රමාණයට සාපෙක්ශව උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා විදේශ රැකියා ඉලක්ක කර නිර්මාණය කරන්න. මේ සඳහා පුද්ගලික ආයතනවල සහාය ගන්න. අපිට බන්ගලිදේශය පැරදවිය හැකිය...
අපේ රට වගේ හිඟන රටක්. පිනාධිපති නම් කියන්නේ දැන් අපි බංකොළොත් රටක් නෙවෙයි කියා. බංග්ලාදේශයෙන් ලබාගත් සොච්චම් ණයමුදලවත් වසර 2කින් නොහැකි වුණා. එය කවදා ආපසු ගෙවයිදැයි අවිනිශ්චිතයි... එනමුත් මගේ රට ලෝකෙන්ම උතුම් රට...
ඉක්මණට ගෙවපල්ලකෝ, අර බංගලියන්ගේ සොච්චම ඔවුන් මැරෙන්න හදනවා. රටවල් ගානේ කියවනවා මේ ගැන...
ඇයි දන්නේ නැහැ කල් ඉල්ලුවේ? සූත්තර පුංචා කිව්වානේ අපේ රට තවදුරටත් බංකොළොත් රටක් නෙවෙයි කියලා... සමහරවිට ඉල්ලුවේ නැතුවාම කල්දීලා ද දන්නේ නෑ... නේද?