(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ක්‍ෂට විකල්ප නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (17) පැවසීය.
එම පක්ෂයේ සදාරණීය නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාවේ වැඩි සංවර්ධනයක් කළ, වැඩිම මහජන ගෞරවයට පත්වූ මෙන්ම නිදහසෙන් පසුව රටට වැඩි සේවයක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මීට පෙර මාධ්‍ය හමුවේදී අදහස් කළේ නායකත්වයේ වෙනසක් නොව නව මෙහෙයුම් ක්‍රියාවලියක් පිළිබඳව බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට දිවවල් කීයක් තිබේද? ඒ කෙසේවෙතත් පොහොට්ටුව දැන් සිටින්නේ මරණ මංචකයේ...!
වැඩියෙන්ම වෙනවෙන දේවල් කරේත් එයාම තමයි...
එපා එපා... නායකත්තය වෙනස් කරන්න එපා... හෙට අනිද්දා ඔය නායකත්වය කනත්තට ගියාම ඔහුත් එක්ක ඔය දූෂිත පක්ෂයත් වළදාන්න පුළුවන්...
මහින්දයා වටා වැඩිපුරම ඉන්නේ හොර දූෂිතයෝ ,ඒ නිසා වෙන විකල්පයක් නැතුව ඇති .1948 න් පස්සෙ ලන්කාවේ හිටපු දූෂිතම බලලෝබි නායකයා දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය නායකයා මහින්දයා කියලා ලෝකෙම දන්නවා .
ඒ කියන්නේ ළඟදීම මයිනා මැරෙනකොට පොහොට්ටුවත් ඉවරයි. අනේ වාසනාවන්... ජෙප්පොත් හීන දකිනවා ඇති...
මහින්ද හැර විකල්පයක් නැත. අයියෝ දෙයියනේ මහින්ද ලොක්කා ගිය දවසක ලංකාවත් සියලු ජනතාවත් ඉවරයි නේද? අනේ දෙයියනේ මහින්ද අමරණීය කර ලංකාවත්, සියලු ජනතාවත් බේරා දෙනු මැනව...
මළ මිනි එක්ක ආයෙත් නැගිට්න්න පුළුවන්ද?
මුන්ගෙන් ලැබෙන සන්තෝසම් වලට පොඩ්ඩක් ලියන්නම වෙනවා ඉතින් නේද?නැත්නම් මේ ප්රවෘර්තියේ තියන ජාතික වැදගත් කම මොකක්ද?
ඔව්. ඔබට කිසිවක් නැත. විකල්ප !!!!!
රට බංකොලොත් කලේ පියා
ඒ කියන්නේ මහින්ද මළොත් පොහොට්ටුවත් ඉවරයි කියන එකනේ
අයි බන් අර පුත්තලම් බූරුවා හොඳ මදිද .මේ නාකි මයිනා දැන් මොනවා කරන්නද
මේ යකාට පිස්සුද? ගිය සුමානෙ බැසිල් නායකයා කිව්වා. අද මහින්දලු. කාලකන්නි රෙදි හොදන්නෙක්.
මෙහෙමත් දීන මිනිහෙක් දැකලාම නැහැ
පොහොට්ටුවට මහින්දට රනිල් හැර විකල්පයක් නැහැ
චන්ද සලකුණ කබරගොයාද ?කපුට ද ?
එහෙනන් වැඩි දවසක් නොගොස් කනත්තෙ ගෙවල් හදාගනිල්ලා , ඒ හාදයත් එක්ක එකට ඉන්න
ඒ ඔයාලට .ඒත් ජනතාවට ඕනේ තරම් විකල්ප තියනවා චන්දෙදී බලාගන්න
නිවන් සුව