IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලුත් අවුරුද්දේ ගොවියන්ට ’’එළු’’තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ  එළුවන්  70,000ක් රැකියා නැති  තරුණයන්ට නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

ලංකාවෙි එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම්  ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබෙි.

මීට කෘෂිකර්ම අමාත්‍යාංශය  වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම  2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.

ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළු වර්ග ගොවීන්ට ලබා දීමට නියමිතය.

 

 



අදහස් (3)

අලුත් අවුරුද්දේ ගොවියන්ට ’’එළු’’තෑග්ගක්

කිරිපුතා Sunday, 16 April 2023 09:53 AM

කිරට හෝ පොහොර සාදාගැනීම සඳහා නම් කමක් නෑ... අහිංසක සතුන් ඇති දැඩිකරලා ඔවුන්ව මරලා ඒ මසින් මිනිසාගේ අනවරාග්‍ර රස තෘෂ්ණාව සනහන්න ගම්වල අහිංසක තරුණයින් පොළඹවනකොට ඒ තරුණියන් දැනගන්න ඕන කුමක් හෝ නිසා පාපයක් කරන්නේ නම් එහි විපාක කිසිවෙකුත් නොව තමන්ම පරිභෝජනය කළ යුතු වග...

:       2       4

lahiru Sunday, 16 April 2023 10:39 AM

වාර්ශිකව පාසල් හැරයන අයට සරිලන සේ උසස් අධ්‍යාපන අවස්ථා හා වෘත්තීය පුහුණු අවස්ථා නිර්මානය කරන්න. මේ සඳහා පුද්ගලික සරසවි හා වෘත්තීය පුහුණු ආයතන වලටද අවස්ථා ලබාදෙන්න. තරුණයින් කෘෂි ව්‍යවසායකයින් කරන්න...

:       0       5

Bamunuarachchi Sunday, 16 April 2023 07:04 PM

ඔව් ඔව් එළුවන් ගන්නයි (කන්නයි) මන් ආවේ... එළුබෙටි කාපන තුන්දීරේ කිය කියා ඉන්න වෙයිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site