(ටී.කේ.ජී.කපිල)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය. 

කටුනායක ගුවන් තොටුපළෙන් ඉකුත් 15 වැනි දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනා මේ වනවිට මෙම ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්වයට පත් කර ඇති බව ද දීපාල් පෙරේරා මහතා පැවසීය

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300 ක පමණ පිරිස රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වන බවත් , එම ගුවන් යානය හෙට දින උදෑසන 09.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බවත් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .