(අංජුල මහික වීරරත්න)
ඇද වැටුණු බංකොලොත් රාජ්‍යයක් මතින් යළිත් තාරුණ්‍යය සිහින නඟා සිටුවන්නට හැකිවීම ප්‍රාතිහාර්යක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටේ මිනිසුන් මහමඟ ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල ජීවිතය ද අහිමි කර ගනිමින් අත්‍යවශ්‍ය කිසිවක් සොයා ගන්නට නොහැකි ව ඉබාගාතයේ ගිය කාල පරිච්ජේදය පසු කරමින් මාස කිහිපයක් ඇතුලත රට යලි නව මාවතකට ඔසවා තැබීම ආශ්චර්යක් නොවෙතියි කිසිවකුට කිව නොහැකි බවද විජයවර්ධන මහතා කීය.
මිනිසුන්ට යළි තම අපේක්ෂාවන් වෙනුවෙන් අලුත් හුස්මක් ගන්නට ජනපති දැන් කාලය උදා කර දී තිබෙන බව කී විජයවර්ධන මහතා දැන් රටට අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව ගොඩ නැගිය යුතු යකඩයෙන් ශක්තිමත් වූ ස්ථිරසාර රාජ්‍ය පාලන ක්‍රමවේදයක් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දැන් කීවත් සිනා සලා , තරුණ සිහින තවමත් බොඳ වෙලා. ජනතාවගේ ඡන්ද අයිතියවත් ගරු නොකරන්න මේ කාලකන්නි නායකත්වය යටතේ රට තවත් ආගාධයට යනු නියතයි.
මොලේ නරක් වෙලාද? නැතිනම් ජනතාව ගොන් හරක් කියලා හිතනවද? නැතිනම් තමන්ගේ බොරුවලට තමන්ම රැවටිලාද?
තිබුණ ණය වැඩි කිරීම ආශ්චර්යයක් වෙන්නේ කොහොමද මනුස්සයෝ. අඩුම තරමින් 2% ක්වත් මොළේ තිබුණ නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ මේ වා දකිනකොට තමයි.
ඉන්ධන පෝලිම් වලින් නිදහස් කිරීම පමණක් තාරුණ්‍යයේ බලාපොරොත්තුව නොවෙයි මැතිතුමා දැන් බලන්න පාසැල් යන දරුවො ඉන්නෙ අවිනිශ්චිත තත්වයක.විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවුනු දරුවො ඉන්නෙ අවිනිශ්චිත තත්වයක.උපාධිය අවසන් වුනත් නැතත් සම්බන්ධ දරුවො අවිනිශ්චිතවයි ඉන්නෙ රැකියාවක් සොයාගන්න තියෙන තත්වය ඉතාමත් භයානකයි පාසැල් හැරගිය පිරිස් සිටින්නෙ බොහෝ භයානක ලෙසිනි මේ ප්‍රශ්නය විසදීමට පහසු නැහැ ඔබතුමා පක්ෂයේ නායක නිසා පක්ෂයේ ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී මේ සදහා ප්‍රමුඛතාව ලබාදෙනවා නම් ඉතාමත් හොදයි.
සියලු දෙනා එක්ව කැපවීමෙන් රටට සේවය කළහොත් සහ මනා කළමනාකාරීත්වයක් සිදුඋවහොත් දියුණු කිරීම අපහසු නැත
තමුන්ගේ හීන නම් හැබෑ වෙලා ඇති. ඒත් අපේ හීන නම් ඔක්කොම වළ පල්ලේ.
ඔහේ හොදට මතක තියාගන්න අපි ඒ කාලේ වගේ නෙමෙයි දැන් අපි හොදට ඔප මට්ටම් වෙලා හොද අවබෝදයෙන් ඉන්නේ කියලා
තාරුණ්‍යයේ සිහින විතරක් නෙවෙයි ,රටම හොරාකාලා විනාශ කෙරුවේ දූෂිත බලලෝබි දේසපාලුවෝ .මේ කපේදී ඒ සිහින සැබෑ කරන එකත් සිහිනයක් විතරයි .පළාත් සබා චන්දෙවත් තියාගන්ඩ බැරුව පච කෙළිනවා?