(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලිමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000 ක මුදලක් ගැට කපන්නකු සොරා ගැනීමෙන් සිත්තැවුලට පත්ව සිටි තිදරු පියකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් තිබුණේ බදුරලිය පිල්ලවලකඩ , ගඟ ළඟ පදිංචිව සිටි කලුආරච්චිගේ සරච්චන්ද්‍ර 58 තිදරු පියෙකි.
නවගමුව පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල් මෝලක රැකියාව කරන මියගිය පුද්ගලයා ගල් මෝලේ හිමිකරු වැටුප් වශයෙන් ලබා දුන් රුපියල් 35,000 සහ එකතු කරගත් මුදල් සමග රුපියල් 80000 මුදලක් රැගෙන සිංහල අවුරුද්දේ බිරිඳ සහ දරු තිදෙනා සමග භුක්ති විඳීම සඳහා සිය ගම් ප්‍රදේශයේ වන බදුරලිය ප්‍රදේශය කරා උදේම පිටත් ව ගොස් තිබූ බව පොලිසිය කියයි.
මුදල් හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන තිබී ඇති අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඔහුගේ මුදල් නොමැති බවට දැක කලබල වී සොයා බැලුවත් ප්‍රතිඵලයක් නොවූයෙන් නිවස කරා නොගොස් ජ නැවතත් ගල් මෝල වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රී ගල් මෝල ආසන්නයේ සුපුරුදු බොඩිම් කාමරයෙහි ගත කර ඇති අතර අද අළුයම මිතුරකු පැමිණ ඔහු පිළිබඳ සොයා බැලීමේදී බෝඩිම් කාමරය තුළ නොවීමෙන් සිදුකළ සෝදිසි යෙදී කුඹුක් ගසක ඔහුගේ සිරුර එල්ලෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශෝචනීයයි. ඒ වගේමය පව් මේ මනුස්සයා. යාළුවෙක්වත් හිටියේ නැද්ද මේ මනුස්සයාගේ හිත හදන්න.
අපරාදෙ ජීවිතේ. අප්‍රේල් කියන්නෙ කවදත් කොහා විතරක් නෙමේ මහ මග හොරු ඉන්න කාලෙ.
මේ කතාව කියවන්න බැරි තරම් දුකයි. ලංකාවේ ඉන්න කෙනෙක් කවුරු හරි දරු පවුලට උදවු කරන්න. නැත්නම් ජීවිත ගණනාවක් විනාශ වෙනවා. නැතම් අයාලේ යනවා.
මෙම ආකාරයට හොරකම් කරන එවුන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන මේ මනුෂ්‍යයා නොවිදිනා දුක්විද දවසක් හෝ සතුටින් සිටීමට මෙහෙම කරන්න ඇති ඉතින් මෙහෙම හොරකම් කරන මුදල් වලින් කනබොන සෑම එකාටමත් ජාති ජාතීත් පඩිසන් දේවි කොහොම වුනත් තාක්ෂණය දියුණු මෙම කාලයේ අතේ මුදල් ගෙනයන ක්‍රමය නම් හොද මදි ඇත්තටම ඒ ඒ ප්‍රදේශවල ගැට කපන්නේ කවුද කියලා ආරක්ෂක අංශය නොදන්නවා වෙන්න බැහැ එනිසා අලුතින් නීතියක් ගෙනවිත් හෝ උන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය.
මේ කාලේ ගැටකපන්නෝ හරියට.පොලිසියත් ජනතාව දැනුවත් කෙරුවා.අපේ මුදල් ආරක්ෂා කර ගැනීමට අපි කල්පනාකාරී විය යුතුයි .
ඉතාම කනගාටුයි