
(එම්.සුසිල් පියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව දොඩන්දූව දුම්රිය හරස් මාර්ගයේදී අද(13) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් විහාරාධිපති හිමිනම සහ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලීසිය කියයි.
විහාරධිපති හිමියන් දහවල් දානයකට වඩිමින් සිටියදී මාතර සිට වව්නියාව බලා ධාවනයවූ දුම්රියේ උන්වහන්සේ ගමන් ගත් මෝටර් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.
මේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි ආකාරයෙන් කියා නොකරන බව ප්‍රදේශවාසිහූ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව : දුම්රිය දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල පාඩුව : තුවාල වීම සහ ප්‍රතිකාර වියදම, මෝටර් රථයට හානිය, දුම්රිය ගමන ප්‍රමාද වීම නිසා මගීන්ට වන පාඩුව, අදාළ රාජකාරි සඳහා පොලිසියේ වියදම් ඉන්ධන ඇතුලත්ව, තුවාල කරුවන් රෝහලට රැගෙන යාමේ, ඔවුන් බැලීමට පිරිස් රෝහලට පැමිණීමේ ඉන්ධන ඇතුළු වියදම්. රට පුරා දිනපතා සිදුවන්නේ මේවා. මෙම වියදම් අනතුරු, දියේ ගිලීම්, මිනී මැරුම්, කලකෝලාහල හැම දේටම පොදුයි. රටේ විනය හොඳ නම් මොනතරම් ඉතිරියක්ද? පොලිසියේ වියදම්ම මොන තරම් ඉනතුරු වනු ඇතිද?
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෙවැනි අනතුරු බහුලයි. මූලික හේතුව මෙම හරස් මාර්ග වල සංඥා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. මේවා නිසි පරිදි නඩත්තු කිරීමට එතරම් මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් ඇමතියා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවම මර නින්දේ. මෙවන් අනතුරුවලට අනෙක් හේතුව රියදුන්ගේ නොසැලකිල්ල.
අපරීක්ෂාකාරී රියැදුරෙක්. සංඥාපුවරැව කැඩිල බෙහෝකල්. සංඥාපුවරැව වැඩකලත් මමත් ඔය කියන රේල්පාර ලග නවත්තල බලනව දුම්රියක් එනවද බලලයි යන්නෙ. හරියට පාරක් හරහා යනව වගෙයි.
විදුලි ආලෝක සංඥා පද්ධතිය නිසි ආකාරයෙන් කියා නොකරනව නම් රියදුරු නිසි ආකාරයෙන් රිය පැදවිය යුතුයි