IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්

(විමුක්ති එස් රුද්‍රිගු)

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් මහතා ප්‍රකාශ කර ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වී තිබේ. එම හමුවේදී මාර්ටින් රේසර් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී වී තිබේ.

එසේම මෙම හමුවේ දී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳවත් අපනයන මුල්කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් මහතා පවසා ඇත .

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහි ලා ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහාය ලබා දෙන බවත් මාර්ටින් රේසර් මහතා පෙන්වා දී තිබේ.

 



අදහස් (6)

මෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්

චන්දිම ෆොන්සේකා Friday, 14 April 2023 10:15 PM

විනිවිධභාවයකින් කටයුතු කරපල්ලා කියන්නේ දැනට උඹලා වැඩකරන්නේ කොලේවහලා අතයට ගැහිලි දාගෙන වංචාවෙන් කියන එකනේ?

:       9       22

Demuni de Silva Saturday, 15 April 2023 05:57 AM

In the wake or these "reforms" our vulnerable resources are about to privatize to the foreigners; habitually World Bank is thrilled with traitorous Ranil. We the citizen lament of the deterioration of the motherland's supremacy and suzertainty resulting of the country being colonized !

:       10       11

හර්මානිස් Saturday, 15 April 2023 06:44 AM

දන්න බම්බුව තමයි දැනට කාලෙක පටන්ම උසස් අධ්‍යාපන ආයතන සම්පූර්ණයෙන්ම කඩාවැටීම සිදුවෙනවා උසස් පෙළ දරුවන්ට ප්‍රතිඵලයක් නැතුව අසහනය වැඩිවෙනවා බූරුවො තමන්ගෙ වැඩ තියෙද්දී බල්ලන්ගෙ වැඩ කරන්න යනව රටම අඅරාජික වෙලා තියෙන්නෙ ඒක ලෝක බැංකුවට කියන්න එකෙක්වත් නැද්ද

:       10       21

Prabha Saturday, 15 April 2023 11:17 AM

එයාලා සතුටින්ලු. එහෙම නම් අපිට මොනවා වුණත් කමක් නෑ.

:       5       7

Rata Perata Saturday, 15 April 2023 12:24 PM

ඔන්න මෝඩ බයියන්ට මල් වෙඩි පත්තු කරන්න තවත් අවස්ථාවක්.

:       6       7

Loku malli Saturday, 15 April 2023 07:14 PM

ලෝක බැංකුවට සතුටු වුණාට කමක් නැහැ. අපි රනිල්ටවත් රාජපක්ෂලටවත් ආපහු ඡන්දෙ දෙනෙන් නැහැ.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site