
(විමුක්ති එස් රුද්‍රිගු)
අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් මහතා ප්‍රකාශ කර ඇත.
වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වී තිබේ. එම හමුවේදී මාර්ටින් රේසර් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම හමුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී වී තිබේ.
එසේම මෙම හමුවේ දී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳවත් අපනයන මුල්කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් මහතා පවසා ඇත .
ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහි ලා ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහාය ලබා දෙන බවත් මාර්ටින් රේසර් මහතා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිවිධභාවයකින් කටයුතු කරපල්ලා කියන්නේ දැනට උඹලා වැඩකරන්නේ කොලේවහලා අතයට ගැහිලි දාගෙන වංචාවෙන් කියන එකනේ?
In the wake or these "reforms" our vulnerable resources are about to privatize to the foreigners; habitually World Bank is thrilled with traitorous Ranil. We the citizen lament of the deterioration of the motherland's supremacy and suzertainty resulting of the country being colonized !
දන්න බම්බුව තමයි දැනට කාලෙක පටන්ම උසස් අධ්‍යාපන ආයතන සම්පූර්ණයෙන්ම කඩාවැටීම සිදුවෙනවා උසස් පෙළ දරුවන්ට ප්‍රතිඵලයක් නැතුව අසහනය වැඩිවෙනවා බූරුවො තමන්ගෙ වැඩ තියෙද්දී බල්ලන්ගෙ වැඩ කරන්න යනව රටම අඅරාජික වෙලා තියෙන්නෙ ඒක ලෝක බැංකුවට කියන්න එකෙක්වත් නැද්ද
එයාලා සතුටින්ලු. එහෙම නම් අපිට මොනවා වුණත් කමක් නෑ.
ඔන්න මෝඩ බයියන්ට මල් වෙඩි පත්තු කරන්න තවත් අවස්ථාවක්.
ලෝක බැංකුවට සතුටු වුණාට කමක් නැහැ. අපි රනිල්ටවත් රාජපක්ෂලටවත් ආපහු ඡන්දෙ දෙනෙන් නැහැ.