(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ඊයේ(12) ප්‍රකාශ කර ඇත.
චීනයටත් මේ සඳහා එකතු විය හැකි නම් එය ඉතාමත් වටින බව සුසුකි පෙන්වා දී තිබේ.ජපානය, ප්‍රංශය සහ ජී20 සමුළුවේ සභාපතිත්වය දරන ඉන්දියාව ආරම්භ කිරීමට යන නව වේදිකාව පිළිබඳ නිවේදනය අද(13) සිදු කෙරෙනු ඇති බව ජී7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය සුසුකි පෙන්වා දී තිබේ.
නව වේදිකාව යටතේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ණය ගන්න උදවියට වග කීමක් ඇතිව ණය ගැනීම ඉගැන්වීම සඳහා වේදිකාවක් ඇති කරොත් නරකද?
චීනය ඔය ගණන් උස්සන්නෙ අර රේඩාර් මධ්‍යස්ථානය දාගන්න තේරෙනව නේද?