(අංජුල මහික වීරරත්න)
එළඹෙන අවුරුද්ද මීටත් වඩා භාග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට වෙහෙසෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණක් බවද ජනාධිපතිවරයා කීය.
එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර. ඔබේ වෙහෙස මහන්සිය යොමු වෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් කප්පාදු කිරීමට සහ රට තවත් ආඝාධයට ගෙන යෑමටයි.
ජනතාව කෙතරම් වෙහෙස මහන්සි වීවැඩකෙරුවද නිවැරදි දැක්මක් නැති ඔබේ නායකත්වය රටතේ රට තවත් ආගාධයට යනු ඇත. බොරු පුරසාරම් දොඩන්න එපා. විකාර.
දුවන්න ලෑස්ති වෙන්න...
අපි මහන්සි වෙලා වැඩ කරන්නම්, උඹලා අරමුණු ඉටු කරගනිල්ලා.
අපිට තියෙන එකම අරමුන හොරු 134 නායකය වන ඔහෙ කොහොමද ඔතනින් එලවන්නෙ කියල
පක්ෂ,පාට, ජාති,ආගම් භේද පසෙකලා එකතුවීමට ආරාධනා එන්නේ කිරුළ දරා සිටිනවිට පමණි. යම් විධියකින් අනුර කුමාර ජනාධිපති වුනොත් හොරු සමඟ එකතුවී ඔය ප්‍රකාශයට අනුව කටයුතු කරන්නේද අපේ ජනාධිපතිතුමෙනි. දේශපාලකයන්ගේ ප්‍රකාශ අනුව ජනතාව වහලුන් වියයුතුද? වෙනස් වියයුතු දේශපාලනය කොතනද? රටට ආදරය කරවාට වඩා තමන්ගේ බලය සහ මඩිය තරකරගන්නා දේශපාලන සංස්කෘතිය තුරන් කරන තුරු ශ්‍රීලංකාවට දෙවියන්ගේ පිහිටයි.
ඔය කියන වෙහෙස මහන්සිය මුලදිම තිබුනානම් මේ වෙනකොට රට දියුණුවෙන්න ඕනැ. කරපුතරමක් කලේ මහාපරිමාන හොරකම් බලයගැන පමණක් සිතා වැඩ කිරීම සහ රට වෙනුවෙන් අවංකවම කැපවී වැඩ නොකිරීම සහ අදවන විට රට ලෝකයටම ණයකාරයෙක් වෙලා ණය ගෙවාගත නොහැකි තත්වයතට පත්වීම ආදියයි. මේව නිකම්ම නිකම් ප්‍රකාශ පමණයි. තවමත් කරනවැඩක්නම් පේන්න නෑ.
අපිට වෙහෙස මහන්සි වෙන්න කිව්වට ඔබ අවට ඔය ඉන්න හාදයන්ට නම් එහෙම උවමනාවක් තියෙන බවක් අපිට පෙන්න නම් නැහැ. ඔබ නියම මිනිහෙක් නම් මම ඔබට කියන්නේ අර අපේ රටේ මුහුදට මහා විනාශයක් කල එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය වන ඩොලර් බිලියන 30 හෝ බිලියන 10 හෝ අනිවාර්යයෙන්ම ලැබෙන ඩොලර් බිලියන 06 වත් රටට ලබා ගත යුතුයි. එකට අදාළ නඩුව කලට වෙලාවට හරියට දාන්න ඕනි. ඔබ දන්නවාත් ඇති මේ වෙනකොට සමහරු වන්දිය ගන්න ඕනි නඩුව හරියට නියමිත දිනට පෙර නොදා අමතක කරවලා අත යට ගානක් කපාගෙන රටට ලැබෙන්න තියෙන ඒ මහා මුදල ඇත යටින් කොල්ල කන්න නින්දිත උත්සාහයක් කරන බව. සමහරු සිංගප්පුරුවේ නඩු දම්මලා නඩුව පරද්ද වන්න හදනවා. ඔය සල්ලි රටට ලැබුනොත් imf ගිහින් හිඟා කන්න ඕනි නැහැ.
ජනතාව විතරද වෙහෙස මහන්සි වෙලා කැපකරන්ට ඕනි. පාලකයෝ කැප කරානම් රටට මෙහෙම වෙයිද?
දූෂිත පවුල් පාලනේ උන්ව ආරක්ෂා නොකර තමුන් හරියට වැඩ පෙන්වන එකනේ කරන්ඩ ඕනේ.? පින් ජනපතියාට මොනව කියන්ඩ බැරිද? ජනතාවට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්ඩ කියන දේසපාලුවන්ට නිකම් ඉන්දන් හොරාකන්ඩ ලෙහෙසි .