IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මව අවුරුදු දා දරු දෙදෙනා හිරේ යවයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වැලිගම ගලාකන්ද කොලොන්දණ්ඩ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි  තරුණයකුට  පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද සිටින බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ එම්. එච්. සමුරංග නැමැති නැමැති අයෙකි.

මොහු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා මාර්ගයේ ගමන් කරමින් සිටියදී  කාන්තාවක සමග ඇතිකර ගත් ආරවුලක් දුර ගිය යාමෙන් මෙම පහරදිම සිදු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම කාන්තාව කරන ලද දැනුම් දීමක් මත ඇගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් පැමිණ මෙම තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් අය අතර ඇයගේ පුතුන් දෙදෙනා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් කීය,

අත්අඩංගුවට ගත් හයදෙනා අවුරුදු 16, 21, 23 සහ 32 දෙ හැවිරිදි වියේ පසු වන්නෝ වෙති.

 



අදහස් (3)

මව අවුරුදු දා දරු දෙදෙනා හිරේ යවයි

sunil Saturday, 15 April 2023 02:58 PM

අද රටේ මෙවැනි අපරාධ වැඩිවී ඇත්තේ ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට මිනිසුන් තුල බියක් නැති වීමයි.

:       1       61

Sanka Sunday, 16 April 2023 04:20 AM

පොලිසි ගියාට වැඩක් නැහැ. පොලිසිය ගන්නේ අපරාධකාරයාගේ පැත්ත. දේශබන්දු තෙන්නකෝන් රොහාන් ප්‍රේමරත්න වගේ තුප්පහි නිලධාරින් ඔන්න පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රස්ත සංවිධානයක් වෙලා තියෙන්නේ...

:       2       12

අපි දකුණේ හරිය Sunday, 16 April 2023 08:19 AM

දරුවන් හදන්න පෙර මේක වගේ දෙමව්පියන්ට මූලික අධ්‍යාපනයක් දෙන්න ඕනේ ගුණවත් දරුවන් බිහිකරන්නේ කොහොමද කියලා. සත්තු වගේ පැටව් දැම්මා කියලා හරියන්නේ නෑ. ඔවුන්ට හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව, සමාජයේ අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා කියලාදෙන්න ඕනේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site