
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිගම ගලාකන්ද කොලොන්දණ්ඩ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අය අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද සිටින බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ එම්. එච්. සමුරංග නැමැති නැමැති අයෙකි.
මොහු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවක සමග ඇතිකර ගත් ආරවුලක් දුර ගිය යාමෙන් මෙම පහරදිම සිදු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව කරන ලද දැනුම් දීමක් මත ඇගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් පැමිණ මෙම තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් අය අතර ඇයගේ පුතුන් දෙදෙනා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් කීය,
අත්අඩංගුවට ගත් හයදෙනා අවුරුදු 16, 21, 23 සහ 32 දෙ හැවිරිදි වියේ පසු වන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ මෙවැනි අපරාධ වැඩිවී ඇත්තේ ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට මිනිසුන් තුල බියක් නැති වීමයි.
පොලිසි ගියාට වැඩක් නැහැ. පොලිසිය ගන්නේ අපරාධකාරයාගේ පැත්ත. දේශබන්දු තෙන්නකෝන් රොහාන් ප්‍රේමරත්න වගේ තුප්පහි නිලධාරින් ඔන්න පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රස්ත සංවිධානයක් වෙලා තියෙන්නේ...
දරුවන් හදන්න පෙර මේක වගේ දෙමව්පියන්ට මූලික අධ්‍යාපනයක් දෙන්න ඕනේ ගුණවත් දරුවන් බිහිකරන්නේ කොහොමද කියලා. සත්තු වගේ පැටව් දැම්මා කියලා හරියන්නේ නෑ. ඔවුන්ට හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව, සමාජයේ අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා කියලාදෙන්න ඕනේ...