
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල හෙට(13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.
ඉන්දියානු මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන්, ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, ප්‍රංශ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක ජනරාල් බෘනෝ ලෙ මෙයාර් මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය හමුවට සහභාගී වේ.
ජපාන මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය හෙට(13) මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවත් එහි අරමුණ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීම බවත්ය.
මෙම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද සහභාගී වන බව පැවැසෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ ණය ගැන රටවල් 3කින් හෙට ප්‍රකාශයක්
chandima Thursday, 13 April 2023 04:22 AM
ඉස්සර නම් ඔහොම සාකච්ඡාවක් තියෙනකොට ප්ලේන් එකක් පුරෝලා රට එක්කන් යනවා.
බද්රානි Thursday, 13 April 2023 12:51 PM
ඔය රටවල් වලින් මේ රටේ හොර තක්කඩි පාලකයින්ට කිසිම ඉවක් බවක් නැතිව ලබා දුන්නු ණය වලින් සියයට 70 ක්ම මොවුන් හොරා ඉතිරි මුදලෙන් තමයි අනෙකුත් ව්‍යාපෘති කලේ. ඒ ව්‍යාපෘති වලිනුත් බොහොමයක් කිසිම පලකට නැති ඒවා. නිකමට හිතන්න මෙතරම් ජාල සම්පතක් තියන ලංකාවේ, සියලුම පුරවැසියන්ට අඩුතරමේ ජල පහසුකම වත් මේ රටේ පාලකයින් ලබාදීලා තියනවද කියලා. ඔබලා පාලකයින්ට ලබාදී තිබෙන ණය ඔවුන්ගේ දේපොළ අත්පත් කරගෙන ලබා ගන්න. මේ රටේ අසරණ ජනතාවට පව් නොදී. අර පැනමා වලත් එහෙම හොරා කාපු මුදල් තියනවා ඒවා අත්පත් කර ගන්න..