
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල හෙට(13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.
ඉන්දියානු මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන්, ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, ප්‍රංශ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක ජනරාල් බෘනෝ ලෙ මෙයාර් මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය හමුවට සහභාගී වේ.
ජපාන මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය හෙට(13) මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවත් එහි අරමුණ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීම බවත්ය.
මෙම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද සහභාගී වන බව පැවැසෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ඔහොම සාකච්ඡාවක් තියෙනකොට ප්ලේන් එකක් පුරෝලා රට එක්කන් යනවා.
ඔය රටවල් වලින් මේ රටේ හොර තක්කඩි පාලකයින්ට කිසිම ඉවක් බවක් නැතිව ලබා දුන්නු ණය වලින් සියයට 70 ක්ම මොවුන් හොරා ඉතිරි මුදලෙන් තමයි අනෙකුත් ව්‍යාපෘති කලේ. ඒ ව්‍යාපෘති වලිනුත් බොහොමයක් කිසිම පලකට නැති ඒවා. නිකමට හිතන්න මෙතරම් ජාල සම්පතක් තියන ලංකාවේ, සියලුම පුරවැසියන්ට අඩුතරමේ ජල පහසුකම වත් මේ රටේ පාලකයින් ලබාදීලා තියනවද කියලා. ඔබලා පාලකයින්ට ලබාදී තිබෙන ණය ඔවුන්ගේ දේපොළ අත්පත් කරගෙන ලබා ගන්න. මේ රටේ අසරණ ජනතාවට පව් නොදී. අර පැනමා වලත් එහෙම හොරා කාපු මුදල් තියනවා ඒවා අත්පත් කර ගන්න..