(අංජුල මහික වීරරත්න)
පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ වල සහය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවයකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම අනු කමිටුවේ දෙවැනි පියවර බව විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.
වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනු කමිටුවේ තුන්වන පියවර බව ද අලි සබ්රි මහතා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සාක්ෂාත් කරගැනීම බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව නැති කලෙත් එයාලගෙ පන්තියේ අය. ආයේ ඇති කරන්නෙත් එයාලගේ පන්තියේ අය... පහසුකම් ඔක්කොම ජනතා බදුමුදලින් ලැබෙන නිසා එයාලගේ පංතිය හරිම සංහිඳියාවෙන් ඉන්නේ... පොදු මහ ජනතාවට තමයි වැලේ වැල් නැත්තේ..
මීට කලින් අනිත් වැඩවලට පත්කරපු කැබිනට් අනු කමිටුවලට ගිය වියදමත් ලැබුණු ප්‍රතිඵලත් බලනකොට මේකත් ඒ වගේම සාර්ථක වෙයි කියලා තමයි කියන්න වෙන්නේ...!
එකපාරක් සංහිඳියාව කියාගෙන නටපු ජෝගිය අපි දැක්කා මහත්තයෝ. තව නම් සංහිඳියා අපිට එපා...!
වැඩකට නැති කමිටු. සංහිඳියාව ඇතිකරන්නෙත්, නැතිකරන්නෙත් දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි...
සංහිඳියාව ගොඩනගන්නේ කා එක්කද? මුසල්මානුවන් එක්ක සංහිඳියාව ඇතිකරන්න නම් කොරානය වෙනස් කර ලියන්න වෙනවා. එසේ කලත් ඉපදිලා ඉන්න මුසල්මානුවන් එක්ක සංහිඳියාවක් ඇතිකර ගන්න බැහැ... අපිට සංහිඳියාවක් ඕනෙත් නැහැ...
ඔය එක කමිටුවකින්වත් වැඩක් වෙන්නේ නැහැ... දැක්මක් නැති ජනතාවගෙන් අත්වුණු නායකයෝ එක්ක රටවල් ස්ථාවර කරන්න බෑ. ඔය කුණු බාල්දියටම තව කුණු එකතු කරකර ඉන්නේ නැතිව මොකක් හරි මැතිවරණයක් තියන එක තමයි එකම සහ පළමු පියවර...
මොකද සංහිඳියාව ගැන දාන අදහස් නැත්තේ? හම්බ සෙට් එකත් එක්ක මොන සන්හිඳියාද? විකාර...