
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි 9නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.
මියගිය එක් අයකු සිසිර ගජනායක නම් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු බවත් අනෙක් පුද්ගලයා 21 හැවිරිදි ගජනායක මහතාගේ පුත්‍රයා බවත් 9නිවුස් පුවත් සේවය පෙන්වා දී තිබේ.
සිසිර ගජනායක මහතා පවුල් හතරකට අයත් 18 දෙනකු සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා කේන්ස් නගරය ආසන්නයේ ඇති මෙම ප්‍රසිද්ධ ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත. දිය ඇල්ලේ පිහිනීමට හැකි ස්ථානයකදී ගජනායක මහතා ඇතුළු පිරිස ජලයට බස පිහිනා ඇත.එහිදී ගජනායක මහතා දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා පුත්‍රයා උත්සාහ කර තිබේ.පුත්‍රයාගේ උත්සාහයත් අසාර්ථක වී ඇති අතර ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇත. එම අවස්ථාවේ ගජනායක මහතා සමඟ පැමිණි පිරිස එරට වේලාවෙන් සවස 5 ට පමණ හදිසි සේවා දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ ගජනායක මහතා සහ පුත්‍රයා ජලයෙන් පිටතට ගෙන ඇත. පිටතට ගන්නා විට ඔවුන් සිහිසුන්ව සිට ඇති අතර හදිසි ප්‍රතිකාර ලබා දුන්නත් ඔවුන්ගේ සිහිය නැවත ලබා ගැනීමට හදිසි ප්‍රතිකාර සේවා අපොහොසත් වී තිබේ.ටික වේලාවකට පසුව ඔවුන් මියගොස් ඇතැයි හදිසි ප්‍රතිකාර සේවය ප්‍රකාශ කර ඇත.
සිසිර ගජනායක මහතා මෙල්බර්න් නගරයේ පිහිටි වෙන්චුරා බස් සමාගමේ රියදුරකු ලෙස වසර 8 ක කාලයක් සේවය කර තිබේ. ඔහු අවංක තම සමාගමට ලෙන්ගතුව සේවය කළ සේවකයෙක් යැයි එම සමාගම මරණය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරමින් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහඅටක් ගිහිල්ලත් මේ දෙන්නාව බේරාගන්න බැරිවුණාද? ඕස්ට්‍රේලියන් කාරයෙක්වත් ළඟපාතක හිටියා නම් බේරා ගනියි. ලංකාවේ බහුතරයක් කයිය ගැහුවට වැඩ බිංදුවයි.
බැරිදේ පුළුවන්ද දත්මිටි කෑවාට කියලා තමයි කියන්න වෙන්නේ... පීනන්න නොදන්නා එකා නොදන්නා බව සඟවා වැඩ පෙන්නන්න ගියාම ඔහොම වෙනවා. කොහොම වුණත් දෙදෙනාටම නිවන්සැප ලැබේවායි පතමු
මේ ලාංකිකයින්ට ජලයෙන් අපල කාලයක්...
Mr Milano, කාටහරි කරදරයක් වුණාම, ඒ අයව පාච්චල් නොකරනැයි ඔබගේ මාමාවත්, පියාවත් කියා දුන්නේම නැතිද?
මම මෙහෙම කිව්වට ඔබ කවුරුත් තරහා ගන්න එපා. බොහෝ වෙලාවට තමන් විසින්ම ජල මුලාශ්‍ර වලට ඇතුළුවී ජලයේ ගිලි විපතට පත් වන බොහෝ දෙනාගේ හඳහන පරික්ෂා කලොත් චන්ද්‍රයා සිටින්නේ අටවෙනි කොටුවේය.