
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලොන්නරුව කඩවලවැව ප්‍රදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවකු ගෙන් රුපියල් 9,000 ක අල්ලසක ගත් බව කියන මින්නේරිය පොලීසියේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයා ගෙන් එම ජාවාරම බාධාවකින් තොරව දිගටම කරගෙන යෑම සඳහා යැයි කියමින් රජයේ අරක්කු බෝතල් තුනක් ඉල්ලා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රජයේ අරක්කු තමා ළඟ නොමැති නිසා මෙම ජාවාරම් කරු එම බෝතල් තුනේ වටිනාකමට රුපියල් නම දහසක් ලබා දිය හැකි බව පවසා ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා කීය.
ඊට කැමැත්ත පළ කළ පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල්වරයා එම මුදල් ලබා ගත් අවස්ථාවේ වැටලීමක් සිදුකර පොලිස් නිලධාරීන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කරයි.
කසිප්පු ජාවාරමේ නිරතව සිටින බව කියන පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නවතන්න වයිමාටවත් බැහැ. ඇත්තටම කරන්න ඕන කසිප්පුවන්ට දඩයක් නියම කරද්දී මෙහෙම කරන කොස්තාපල්වරුන්ට එමෙන් තුන්ගුණයක් විතර දඩයක් නියම කිරීම තමයි... මම දවසක් කසායක් ගන්න බෙහෙත් කඩේකට ගියා ඇතුලේ කොස්තාපල් කෙනෙක් පාර දෙසට එබෙමින් මොනවද කළා... හරි කෙනෙකුට නම් එළියේ තිබුන උසස් නිලධාරින්ට (දිසාපති, උපදිසාපති වැනි ආචාරය ලැබීමට හිමිකම් ඇති) ආචාර කිරීමේදී කිහිල්ලේ ගසාගෙන යන හිස්වැසුම් දෙකම අරගෙන යන්න තිබුණා (රාජකාරි පැහැර හැරීමට) මම තවත් ටිකක් බලාගෙන හිටියා යුනිෆෝම් දෙන්නෙක් එළියට ආවා ටිකකින් තවත් එකෙක් ආවා. මම දන්නවා තිදෙනාම අසල පොලිසියේ උත්තමයින් බව කඩෙ මුදලාලි උන්ගෙන් වහනය වන ගඳ නැතිවෙන්න වැල්මී ටිකක් දුන්නා. කොහොමද ටිකිරි මොළේ..? මේක වෙන්නේ ඒ කඩේට විතරක් නොවෙයි, දිනකට කඩයක් බැගින් තෝරාගෙන තියෙනවා...