IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර නෝට්ටු 17 ක් සමඟ අයෙක් අල්ලයි

(චන්ද්‍රසේන ගමගේ සහ පි.ඒ.ගාර්දිවසම්)

ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත් අඩංගුවට ගත් බව කටුවන පොලීසිය පවසයි.

කටුවන පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්නේ සූදු පොලක් ඊයේ  (11) දින පොලීසිය විසින් වටලා තිබුනු අතර එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු බාවිතා කරමින් සූදු සෙල්ලම් කළ අයෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.

 ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 17 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමු වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුතකු  කටුවන නගරයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රයක්ද පරිඝණයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37 හා 38 පසු වෙන්නන්බව පොලීසිය කියයි. සැකකරුවන්  අද (12) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

 



අදහස් (0)

හොර නෝට්ටු 17 ක් සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site