( සුමිත් පොතුපිටිය)
උත්සව සමයේ සුපිරි වෙළඳසැල් වලින් වටිනාකමින් වැඩි කිරිපිටි ටින් සොරකම් කල එකම පවුලේ මව, දියණිය , පුතා ,ලේලිය ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
අත්අඩංගුවට පත්වූවන් අතර භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථ හිමිකරුද වන බව පොලිසිය පවසයි .
මේ දිනවල සුපිරි වෙළඳසැල් වල විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින නිසා කුඩා දරුවන්ගේ බෑග්, හෙල්මට් මෙන්ම විශේෂ යට ඇදුම් භාවිතා කරමින් සොරකම් කර ඇති බව හෙලිව ඇතැයි පොලිසිය පවසයි.
කිහිප දෙනෙක් ලෙසින් ඇතුළුවී එක් කාන්තාවක භාණ්ඩ කිහිපයකට මුදල් ගෙවන බවත් අනෙක් අයවලුන් සූක්ෂම ලෙස කිරිපිටි ටින් රැගෙන පිටව යාම කර ඇති බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරුවන් කළුතර, මතුගම, අම්බලන්ගොඩ ,කහතුඩුව ගෝනපොල යන ප්‍රදේශ වල පිහිටි සුපිරි වෙළඳසැල් වලින් මෙසේ කිරිපිටි සොරකම් කර ඇති අතර , එය ආරක්ෂිත කැමරා ගණනාවක සටහන්ව තිබී ඇත.
සොරකම් කල කිරිපිටි ටින් 30 ක් , ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථය, සොරකම් සදහා භාවිතා කල හෙල්මට් දෙකක්, ජංගම දුරකථන හතරක් , යතුරු පැදි හිස් වැසුම් දෙකක් සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.
සැකකරුවන් අද දින පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිබැරි කමට නම් ටින් තිහ හතළිහක් හොරකම් කරන්න අවශ්‍ය නෑනේ? පවුලේ කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙලා ඇති...!
සුපිරි වෙළඳසලේ අයට කරන්න තියෙන්නෙ සීසීටීවී වලින් පිංතූරයක් අරගෙන ප්‍රදර්ශනය කිරීම පමණයි එහෙම නැතුව මේ හොරුන්ට දඩුවම් කරන්න වෙනත් ක්‍රමයක් නැහැ ඇත්තටම මේවායේ ආරක්ෂක නිළධාරින් ඉන්නවා වුනත් ඔවුන් කරන දෙයක් නැහැ ඒකත් මේකට හේතුවක් වෙනවා