(ඩයනා උදයංගනී)
රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ අනුව එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කරන බව එම සමිති සම්මේලනය පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉකුත් මාර්තු 9 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට ඉල්ලපු ඉල්ලීම් ඉටු වුණාද? නැත්නම් මොකක්ද වුනේ...?
ගුටිකෑමට නියමිතව තිබියදී අවසන් මොහොතේදී හරි වර්ජනය අත්හැරීමෙන් ජාම බේරාගත්තා කියලා හිතාගන්න...
ඉල්ලීම් ලැබුණේ නැතිනම් UGC චක්‍රෙල්ඛ 890 අනුව ක්‍රියාකරන්න.
ළමයින්ගේ මුලු අනාගතයම ඇපයට තියාගෙන සල්ලි ඉල්ලන තවත් පාතාලයක් තමයි මේ...
ලොක්කෝ කීප දෙනෙකුට ලොකු තනතුරු දෙන්න පොරොන්දු වෙන්න ඇති. දැන් UGC එකේ ලොක්කා ගිය සැරේ FUTA සටන පාවා දුන්නා. ඒ නිසා ජපුර උපකුලපතිකම ලැබුණා. පස්සේ UGC සභාපති කමත් දුන්නා. අපි නොදන්න FUTA.
රනිල් වැඩ්ඩා... වඳුරො ටික බය වුණා ජොබ්එක නැතිවෙයි කියලා. හැමදාම සෙල්ලම් බෑ... කෝ ජෝෂප් ස්ටාර්ලින් ලොකු ටෝක් දුන්නා හැමදාම...
වර්ජනය අවසන් වුවත් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම තවමත් වර්ජනය කරන බව පවසමින් ඔවුන් ප්‍රකාශ නිකුත් කරන බව අද ප්‍රවෘත්ති විකාශනය මගින් පෙනී ගියා.. මෙයින් පැහැදිලි වන්නේ ආචාර්යවරුන් තවදුරටත් දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට කටයුතු කරන බව පවසමින් දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවයි. ඉදිරි විභාග ප්‍රශ්නපත්‍ර සැකසුම් කටයුතු සඳහා වගකිව යුතු පිරිසක් මෙම කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට රජය වහාම කටයුතු සම්පාදනය කළ යුතුයි...