
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කළ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 5 කට අධික මුදලක් මෙතෙක් මුදල් ලබාදී නැතැයි වාර්තා වේ.
එම මුද්‍රණ කටයුතුවලට සම්බන්ධ වූ රජයේ මුද්‍රණාලයේ සේවකයෝ 200 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් එම දීමනා නොමැතිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ඒ පිළිබඳව පිළිබඳව මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 22ක් පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන්ව ඇත .දැනට මුද්‍රණය කර අවසන් ඡන්ද පත්‍රිකා සියල්ල රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර ඇතැයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කීවාය.
මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කිරීමට රජයේ මුද්‍රණාලය පසුගියදා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ රස්සාව කළාට මොකටද මේ අයට අමතර ගෙවීම් කරන්නෙ?
වසා දැමිය යුතු ආයතනයකි..
අහන්න අර මැතිවරණ වලට බය කලිසමාගෙන්, මිනිහගේ ඔය වැඩකට නැති එක හෙලිකොප්ටර් ගමනක් නවත්තුවා නම් ඔය අසරණ මිනිසුන්ගේ මුදල් ගෙවලා දාන්න පුළුවන්...
Your behaviour towards LG election was not ethical; repercussions will be imminent !
ඡන්දෙ තියන්න යන මුදලට වඩා ඡන්දෙ නොතියන්න මුදල් වැය වුණාට කමක් නෑ වගේ.
So one employee gets 250,000.00 on allowances and O. T. This is just for this election on average