IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුද්‍රණ සේවකයන්ට කෝටි පහක් ගෙවා නෑ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කළ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 5 කට අධික මුදලක් මෙතෙක් මුදල් ලබාදී නැතැයි වාර්තා වේ.

එම මුද්‍රණ කටයුතුවලට සම්බන්ධ වූ රජයේ මුද්‍රණාලයේ සේවකයෝ 200 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් එම දීමනා නොමැතිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ඒ පිළිබඳව පිළිබඳව මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 22ක් පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන්ව ඇත .දැනට මුද්‍රණය කර අවසන් ඡන්ද පත්‍රිකා සියල්ල රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර ඇතැයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කීවාය.

මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කිරීමට රජයේ මුද්‍රණාලය පසුගියදා තීරණය කළේය.

 



අදහස් (6)

මුද්‍රණ සේවකයන්ට කෝටි පහක් ගෙවා නෑ

මැක්ස් Wednesday, 12 April 2023 06:12 PM

තමන්ගෙ රස්සාව කළාට මොකටද මේ අයට අමතර ගෙවීම් කරන්නෙ?

:       0       0

Gampaha Kumasaru Wednesday, 12 April 2023 07:59 PM

වසා දැමිය යුතු ආයතනයකි..

:       0       0

නිමේෂ් Wednesday, 12 April 2023 09:36 PM

අහන්න අර මැතිවරණ වලට බය කලිසමාගෙන්, මිනිහගේ ඔය වැඩකට නැති එක හෙලිකොප්ටර් ගමනක් නවත්තුවා නම් ඔය අසරණ මිනිසුන්ගේ මුදල් ගෙවලා දාන්න පුළුවන්...

:       0       0

Demuni Uduwara Thursday, 13 April 2023 03:48 AM

Your behaviour towards LG election was not ethical; repercussions will be imminent !

:       0       1

nanda Thursday, 13 April 2023 09:45 AM

ඡන්දෙ තියන්න යන මුදලට වඩා ඡන්දෙ නොතියන්න මුදල් වැය වුණාට කමක් නෑ වගේ.

:       0       0

ravi Thursday, 13 April 2023 01:27 PM

So one employee gets 250,000.00 on allowances and O. T. This is just for this election on average

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site