
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි ජලනල කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකු බව පොලිසිය කියයි.
එම සැකකරුගේ බිරිඳ සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාපීඨයේ සුළු සේවිකාවක් ලෙස සේවය කරන තැනැත්තියක බවත් ඇයද අධ්‍යාපන විද්‍යාපීඨයට අයත් වෙනත් නේවාසිකාගාරයක නේවාසිකව සිටින තැනැත්තියක් වූ බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයකු පරික්ෂා කළ අතර ඔහු සන්තකයේ තිබී කන්සා ග්‍රෑම් 2 ක් සොයා ගැනුනු අතර ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු ද සියනෑ ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ කම්කරු සේවකයකු බව ද පොලීසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනෝල් බොන්න අපි මොකටද විසාල මුදලක් වියදම් කරන්නේ. මෙන්න බඩු . අපිටත් සේවයක් එයාටත් ආදායමක්.