
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දියණියගේ හිසට ඇසිඩ් හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල ලද දියණිය ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
සැකකරු තදින්ම බීමට ඇබ්බැහි වී සිටින අයෙක් බව කියති.
මොහු නිතර බීමතින් පැමිණ දියණියට සහ පවුලේ අයට කරදර හිරිහැර කරන අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
පිලිස්සුම් තුවාල ලබා සිටින විසිපස් හැවිරිදි දියණිය දෙදරු මවක් වන අතර සැකකරු 52 හැවිරිදි වියේ පසුවන අයෙකි.
සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි.
එම රබර් කර්මාන්ත ශාලාවෙන් ඇසිඩ් බෝතලයක් සොරා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපේ රටේ සමාජ ආචාරධර්ම බොහෝ පිරිහී ඇත. මේ නිසා දියුනු යැයි සම්මත බොහෝ රටවලට වඩා ලංකාවේ මිනිසුන් පවේ ඇලී ගැලී පව්කාර ජීවිත ගත කරයි. මා අසා ඇති දැක ඇති පරිදි දියුනු යැයි සම්මත රටවල විවිධ ආගම් අදහන මිනිස්සු බුදුරජානන් වහන්සේගේ ධර්මය අසා කියවා තම ජීවිත ඔපවත් කර සතුට වැඩිකර ගනී. ඒ නිසා මේ රටවල් වලින් අපේ රටටත් ඒ උතුම් ධර්මය ගෙනවිත් ප්‍රඩලිත කිරීමෙන් සමාජය බොහෝදුරට හැඩගස්සවා ගත හැකි බව මට පෙනේ.