(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇත.
පළාත් පාලන මැතිවරණයෙන් මේ දක්වා තෝරා ගැනුණු නියෝජිතයන් සංඛ්‍යාව අට දහසකි.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින් මෙතෙක් තේරුණු නියෝජිතයන් සංඛ්‍යාවවූ 5092 දෙදහස් අටසිය අසූ දෙකක් දක්වා අඩු කිරීමටද යෝජනා කර ඇත.
නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඊයේ (11) පෙරවරුවේ බාර දුන්නේය.
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විෂය බාර අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේදීය.
මහින්ද දේශප්‍රිය මහතා ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සාමාජිකයෝ හතර දෙනෙක් ඇතුළත් වූහ.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවයි.
මේ සම්බන්ධයෙන් අප සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාර්තාව ලබන 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කරවීමට කටයුතු කරන බවයි.
මීට අමතරව එම වාර්තාව පළාත් පාලන ආයතන වලද ලබන 19 වැනිදා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දේශප්‍රිය මහතා එම කාලයේදී ඒ සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කළේය.
ජාතික කමිටුවේ නිල කාලය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බැවින් සීමා නිර්ණය කටයුතු සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග, දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල යෝජනා හා අදහස් මහජන නියෝජන පිළිබඳ තොරතුරු, කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ඒ ඒ පළාත් පාලන ආයතනවල සිතියම් දැක්වෙන වාර්තා ද අග්‍රාමාත්‍යවරයාට මැයි මස 2 වැනිදා බාරදීමට අපේක්ෂා කෙරේ.
පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණයේදී අදාළ ලේඛන වල දැක්වෙන ඒ ඒ කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට ස්වකීය යෝජනා හා අදහස් අප්‍රේල් මස 25 වැනි දින දක්වා කොළඹ 5 කිරුළ පාර මිනින්දෝරු ජනරාල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවට එවිය හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1988 කාලයේ ග්‍රාම නිළධාරි වසම් ප්‍රමාණය වැඩිකලා ඇත්තටම ඒ කාලයේ තිබුන වසමකට එක් අයෙක් ලෙසට පත්කිරීම හොදටම ප්‍රමාණවත් කියන්න පුළුවන් එහෙම නැත්නම් ජනගහනයට සාපේක්ෂව හෝ ජනතාව ජීවත්වන නිවාස සංඛ්‍යාව අනුව ජනතා නියෝජිතයන් (අතීතයේ කියපු ආකාරයට මැම්බර්ලා ) පත්කිරීම සුදුසුයී.
චන්දෙ තියපල්ලා අපේ අයිතීන් උදුර ගන්නෙ නැතිව. රට පාලනය කරන්නෙ ජනතා නාකයෙක් නෙමෙයි.
පුන්චිලයිස්තුව භාගයකින් නොව සම්පුරයෙන් ඉවත් කර දමන්න.
බාගෙකින් අඩුකෙරුවා කියලා වැඩක් වෙන එකක් නැහැ.. හිටපු අයගෙන් රටට යහපතක් වුණාද?
පින් පඩි ගන්න එක වැලැක්වීම හොදයි