
(නිමන්ති රණසිංහ)
ව්‍යාපාරිකයන් දෙදෙනකුට පහර දී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුතු රත්රන් කිලෝ දෙකක් පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මෙසේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, කොට්ඨාශ අපරාධ බුද්ධි ඒකකය සහ මෝදර පොලිසියේ අපරාධ අංශය යන අංශවල උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිවු දෙනෙකුගෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පොලිසියෙයි හොරුන්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලන්ගෙන්ම ප්‍රවේශම් වෙන්න.
අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අංශ තුනක නිලධාරීන් අට දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. කිසිම හේතුවක් නිසා ගෙදරකට වැද්දගන්න හොඳ නැති හොරු ජාතියක්නේ...
දැන් ලංකාවේ වැඩියෙන්ම මංකොල්ල කෑම් කරන්නේ පොලිසියේ අය... ඔන්න ලංකාවට ගිය කල...
දැන් අපට බේරෙන්න වෙලා තියෙන්නේ හොරුන්ගෙන් නෙවෙයි පොලීසියෙන්.